නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

0
9

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, දොළුව, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගළ කෝරළය, උකුවෙල, විල්ගමුව, රත්තොට, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මින් පෙර නිකුත් කර තිබූ රතු නිවේදන එළැසින්ම බලපැවැත්වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දේකැටිය, හපුතලේ, පස්සර සහ බණ්ඩාරවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, පාතහේවාහැට, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරක්කෙත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, නෝවුඩ්, අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා ඇත.

එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (22) පෙරවරු 09.30 සිට හෙට පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here