සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග පැවති සබඳතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.
කෙසේ නමුත් ඔහු ඒ සඳහා සතියක කාලයක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයේ නාමල් රාජපක්ෂගේ දුරකථන අංක සටහන් වී තිබූ බවත් එම දුරකථන අංකය සමග දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවත් කෙටි පණිවිඩ හුවමාරු කරගෙන තිබී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී කියැවිණි.
2
Saru News










