නාමල් සාගරගේ කණ මිරිකලා

0
5


පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කිසිවකු සමඟ සන්ධාන දේශපාලනයට නොයන බව ප්‍රකාශ කර දින දෙකක් තුළ එම ස්ථාවරය මුළුමනින් ම බිඳ දමා තිබේ.

ඊයේ (17) සමගි ජන බලවේගය සමඟ පවත්වන ලද සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සාගර කාරියවසම් එක් විය. ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ “අපට දේශපාලන පක්ෂ හැටියට වගකීමක් තිබෙනවා රටේ බහුතරයක් ජනතාව ලබා දුන් පණිවිඩයට ඇහුන්කන් දෙන්න” යනුවෙනි.

නාමල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව එම සාකච්ඡාවලට විරුද්ධ ප්‍රකාශයක් සාගර කාරියවසම් කර තිබිණි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ දැඩි ලෙස උරණ වී ඇති අතර, එයට දැක්වූ ප්‍රතිචාරත් සමඟ සාගර කාරියවසම් සජිත් ප්‍රේමදාස කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here