නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව 19 යළි කැඳවයි – Saru News | සිංහල

0
4

හිටපු ජනාධිපති පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මෙම මස 19 වනදා (බ්‍රහස්පතින්දා) යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කර තිබේ.

ඒ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

අද දින නීතිඥවරු රාජකාරීවලින් ඉවත් වීමට තීන්දු කිරීම නිසා මෙම නඩුව අද විභාගයට ගැනීමට බාධා එල්ල වී තිබේ.

ඒ අනුව මෙම නඩුව ලබන 19 වනදා දක්වා කල්තැබීමට අධිකරණය තීන්දු කර ඇත.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here