නාමල් රාජපක්ෂ ඉන්දීය මාධ්‍යයක් හමුවේ ප්‍රකාශ කර ඇති පරිදි 2022 හට ගත් අරගලයට ආධාර ලබා දුන්නේ ඇමරිකාවේ US Aids ආයතනයෙන් නම් මහින්ද රාජපක්ෂ කලකට ඉහත කර තිබූ ප්‍රකාශයක් සහ ඇමරිකානු පුරවැසියන් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කුමක් කියන්නේ දැයි විචාරකයින් ප්‍රශ්න කරති.
මහින්ද රාජපක්ෂ 2025 ජනාධිපතිවරණයෙන් පරාජය වීම පිළිබඳව පසු කාලයක දී ප්‍රකාශ කර තිබුණේ ඔහුගේ කැබිනට් මණ්ඩලය තුළ සිටි මහජන මුදල් කොල්ලකරුවන් සහ වංචනිකයින් තමන් විසින් ආරක්ෂා කළ බව ය. ඉන් පසු අවස්ථාවක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව රාජපක්ෂ පවුලට යළි බලය අත්පත් කර ගත්තේ අධිකරණ ඉදිරියේ විභාග වෙමින් පැවති නඩුවලින් නිදහස්වීම සඳහා බවයි.
මෙවැනි පසුබිමක පාදඩ දේශපාලනයක යෙදුණු රාජපක්ෂ පවුල පළවා හැරීමට ප්‍රබල හේතු රැසක් ජනතාවට තිබූ බවත් ඒ සියල්ල යට ගසා නාමල් රාජපක්ෂ ව්‍යාජ ප්‍රකාශ ජාත්‍යන්තර වශයෙන් ගෙන යන බවත් නිරීක්ෂකයින් පෙන්වා දී තිබේ.
1
Saru News
















