පසුගිය 14 වෙනි දින රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවකට එක් වූ නාමල් රාජපක්ෂ අද (17) සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡාවකට එක් වන බව ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ඊයේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා පවත්වන බව ය.
පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පසුගිය 15 වෙනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබුණේ තම පක්ෂය අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයකට නොයන බව ය. එහෙත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී ජාතික ජන බලවේගයට එරෙහිව අනෙකුත් සියළුම පක්ෂ අත්වැල් බැඳ ගැනීමට විවිධ සාකච්ඡා පවත්වමින් සිටි.
මේ අතර, දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එම පක්ෂ සියල්ල එක මේසය සිට විවෘතව සාකච්ඡා පවත්වනවා වෙනුවට කල්ලිවාදී ආකාරයට සාකච්ඡා පවත්වන්නේ රුපියල් කෝටි ගණනින් සභික ධූර අලෙවි කිරීම සඳහා බව ය.
Saru FM Media