නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

0
13

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW :

අද (28)දින ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු වන කර්ණාටක ප්‍රාන්තයේ සිද්ධරාමයියා මහතා හා නාමල් රාජපක්ෂ අතර හමුවක් බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී සිදුවූ බව වාර්තා වේ.

කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා සංවර්ධනය සහ දියුණුව සහතික කිරීම සඳහා බොහෝ වැඩකටයුතු සිදු කර ඇති අයෙකි. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා වන සමාජ සුබසාධන යෝජනා ක්‍රම ද ඔහු යටතේ ක්‍රියාත්මක වේ.

මහාමාත්‍ය සිද්ධරාමයියා මහතා නාමල් රාජපක්ෂ සමඟ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here