ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඇමරිකාව සමඟ අත්සන් කළ හොර ගිවිසුම් නිසා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ඉරාන නෞකාවට ප්‍රහාර එල්ල කළ බවට නාමල් රාජපක්ෂ විසින් ප්‍රකාශ කර එක් දිනක් ගත වීමටත් පෙර එහි ප්‍රතිවිරුද්ධ X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කිරීමට සිදු විය.
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවකට ඇමරිකාව ප්‍රහාර එල්ල කිරීම හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ තවත් නෞකාවක සිටි සොල්දාදුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමත් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය කෙරෙහි මුලු ලෝකයේ ම ඉහළම ගෞරවය පළ විය. මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා රජයේ පාලනය විවේචනය කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර පැය 24ක් ගතවීමටත් පෙර මෙම අර්බුදය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඇගයීමට සිදුවිය.
නාමල් රාජපක්ෂට අමතරව, පාඨලි චම්පික රණවක ඇතුළු බොහෝ දෙනෙකුට ද එම තත්වය ම උදා විය. දෙරණ Bog Focus සංවාදයට එක් වූ චම්පික රණවක මැදපෙරදිග යුද්ධය සම්බන්ධයේ ශ්‍රී ලංකා රජය ගෙන යන ක්‍රියාමාර්ග උපහාසයට ලක් කළ අතර, පසුව ඇගයීමට ලක් කරනු ලැබීය.
එහෙත්, විපක්ෂ නායක මෙන් ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී තව දුරටත් තම ළදරු මානසිකත්වය ප්‍රදර්ශනය කරන ආකාරය නිරීක්ෂණය විය.
0
Saru News
















