නාමල්ගේ කුලී කල්ලියට විරෝධය – Saru News | සිංහල

0
8

වෙරළ සංරක්ෂණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දිලූක කුලරත්න හෙවත් බලංගොඩ කස්සප ඇතුළු සැකකරුවන් දස දෙනාගේ පවුල්වල සාමාජිකයින් සහ ඥාතීන් නාමල් රාජපක්ෂගේ කුලීකරුවන්ට විරෝධය පළ කර තිබේ.

දිලූක කුලරත්න ඇතුළු පිරිස ඊයේ ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බාහිර ප්‍රදේශවලින් ගොස් සිටි 12 දෙනෙකු පමණ පිරිසක් විරෝධතාවක් පවත්වා ඇත. එම විරෝධතාකරුවන් නාමල් රාජපක්ෂගේ සමීපතමයන් බව මෙයට පෙර විවිධ අවස්ථාවල දී හඳුනා ගෙන තිබිණි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිසගේ පවුලේ සාමාජිකයන් විරෝධතා දැක්වූවන්ට ප්‍රකාශ කර තිබුණේ තම ඥාතීන් සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය අවුල් නොකරන ලෙස ය. එමෙන් ම තවත් කාන්තාවක් නාමල්ගේ කුලීකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ ත්‍රිකුණාමලයේ කිසිදු ආගම්වාදී හෝ ජාතිවාදී බෙදීමකට ඉඩ ලබා නොදෙන බව ය.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here