නාමල්ගේ ආචාර්ය පිංපොං බිල්ලක් සොයයි – Saru News | සිංහල

0
4

ශිරන්ති රාජපක්ෂ සිරිලිය බැංකු ගිණුම් විවෘත කිරීමේ දී ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංකයක් ඉදිරිපත් කිරීම පිළිබඳව බරපතළ නීතිමය කඩ කිරීම බැංකු ලිපිකරුවෙකු වෙත පැටවීමට නාමල් රාජපක්ෂගේ න්‍යායාචාර්ය ආචාර්ය මහින්ද පතිරණ උත්සාහ කර තිබේ.

ඔහු වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රශ්න ගත බැංකු ගිණුම විවෘත කිරීමේ දී ශිරන්ති රාජපක්ෂ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර ඇති බව ය. නමුත් ජාතික හැඳුනුම්පත් අංකය එම අවස්ථාවේ දී මතක නොතිබීම හේතුවෙන් පරිගණක කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා ඩමි අංකයක් ලෙසින් අංක 222222222V යොදා ඇති බව ආචාර්ය මහින්ද පතිරණ ඔහුගේ වීඩියෝවෙන් ප්‍රබන්ධ කතාවක් ගොතා ඇත.

ඔහුගේ වීඩියෝව මගින් මූලිකව ම උත්සාහ කර තිබෙන්නේ එම බැංකු ගිණුම විවෘත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම අදාළ බැංකු ලිපිකරුවා හෝ ලිපිකාරිනිය වෙත පැවරීම ය. එහෙත්, විදේශ ගමන් බලපත්‍රයේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කර තිබෙන බව මහින්ද පතිරණගේ ප්‍රබන්ධය ගෙතීමේ දී අමතක කර දමා තිබේ. මේ අතර, මහින්ද පතිරණගේ එම ප්‍රබන්ධය පිළිබඳව විශ්ලේෂණාත්මක ප්‍රතිචාර දක්වන්නන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඔහු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස එම තනතුරේ ගරුත්වය සැලසුම් සහගතව පාවා දීම, ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සමාජ ගෞරවය පවා කෙළසා දමමින් දේශපාලන පාදඩකරණය සඳහා කරුණු විකෘති කරන බව ය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here