නිශ්මං රණසිංහ ,මාර්තු 23, කොළඹ LNW:
පෝලන්තයේදී නිමාව දුටු ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 400 සහය දිවීම කාන්තා සහ පිරිමි අවසන් ඉසව් දෙකේ ජයග්‍රහණය සමඟින් ඇමෙරිකාව එහ සමස්ත සූරතාවය දිනා ගන්නට සමත් වුණා.මෙවර නාටකීය ස්වරූපයක් ගත් ක්‍රීඩා උළෙලේ පළමු දිනයේදී රන් පදක්කම් දෙකක් දිනා ගෙන ඇමෙරිකාව පෙරමුණ ගත්තා.දෙවන දිනයේදී ඇමෙරිකාවට රන් පදක්කම් කිසිවක් දිනා ගන්නට නොහැකි වූ අතර රන් පදක්කම් තුනක් දිනා ගත් ඉතාලිය පෙරමුණේ පසු වුණා.මාර්තු 22 වන දා තරගාවලියේ අවසාන දිනයේදී අවසන් ඉසව් දෙක ඇරඹෙන විට ඇමෙරිකාවට රන් පදක්කම් තුනක් ද එක්සත් රාජධානියට රන් පදක්කම් හතරක් ද ලෙස පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට එක්සත් රාජධානියට හැකිව තිබුණා.
එම තත්ත්වය වෙනස් කරන්නටනම් අවසාන ඉසව් දෙකෙන් එකක රන් පදක්කම ඇමෙරිකාවට අවශ්‍යය වි තිබුණා. ඒ,එක් ඉසව්වක් ජය ගතහොත් එංගලන්තය සහ ඇමෙරිකාව අතර රන් පදක්කම් ප්‍රමාණය සම වුවත්,රිදි පදක්කම් ප්‍රමාණයෙන් ඇමෙරිකාව ඉදරියෙන් සිටින නිසා ඔවුන්ට සූරතාවය හිමි කර ගැනිමට අවස්ථාව හිමි වෙන නිසයි.එහෙත් අවසාන ඉසව්ව ලෙස මීටර් 400 කාන්තා සහය දිවිම ඇරඹෙන විටත් ඇමෙරිකාව සිටියේ අභියෝගයකය.එහි එක්සත් රාජධානිය ද තරග වැදුණ අතර එහිදි ඔවුන් රන් පදක්කමට ගියහොත් ඒ රන් පදක්කම හිමිවන්නේ සමස්ත සූරතාවය සමඟින් වන නිසාය.කාන්තා මීටර් 400 කේවල ඉසව්වේදී ඔවුන් දස්කම් දක්වා තිබුණේ ද නැති නිසා එහි යම් අභියෝගයක් තිබිණ.
එහෙත් බෙලිව් ලියර්,රොසෙව් එපියොන්ග්,පැරිස් පීපල්ස් සහ ෂාමියර් ලිට්ල් එම අභියෝගයට මුහුණ දුන්නේ නොපෙනෙන්නට තිබුණ රන් පදක්කමකින් ඇමෙරිකාව සරසමින් රිදී පදක්කම්වලින් නොව රන් පදක්කම්වලින්ම ඇමෙරිකාවට ජයග්‍රහණය ලබා දෙමින්ය.ඒ අනුව එක්සත් ජනපදය හෙවත් බ්‍රිතාන්‍ය දිනා ගත් රන් පදක්කම් ප්‍රමාණය 4 ක් ව තිබියදී,ඇමෙරිකාවට රන් පදක්කම් පහක් හිමි වුණ අතර ඔවුන් රන් 5,රිදී 7 සහ ලෝකඩ 6 ක් ලෙස ප්‍රථම ස්ථානයට පත් විය.රිදී හෝ ලෝකඩ නොමැතිව රන් සටහනේ පදක්කම් හතරක් දිනූ බ්‍රිතාන්‍යය දෙවන ස්ථානයට පත් විය.ඉතාලිය දෙවන දිනය නිමා වන විට දිනා සිටි රන් පදක්කම් තුනට අවසාන දිනයේ කිසිඳු රන් පදක්කමක් එක් කර ගැනීමට අපොහොසත් වෙමින් තෙවන තැනම රැදී උන්නේය.
පෝලන්තයේ පැවති මෙම ක්‍රීඩා උළෙලේදි යුරෝපීය මලල ක්‍රීඩාව නැවත අවදි වෙමින් තිබෙන බව දැක ගන්නට ලැබිණ.අලුත් වූ ගෘහස්ථ ජවන හා පිටියේ ලෝක වාර්තා දෙකම තැබුවේ යුරෝපීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.පිරිමි සප්ත ප්‍රයාම ඉසව්වේ ලෝක වාර්තාව තබන්නට ස්ව්ටිස්ර්ලන්තයේ සයිමන් එහැම්මර් සමත් වූ අතර ඔහු ලකුණු 6670 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.එසේම කාන්තා මීටර් 60 කඩුලු ඉසව්වේ අවසාන තරගය වන විට මේ වසරේ ලොව වේගවත්ම කාලය මූලික තරගවලදී වාර්තා කර තිබුණු පෝලන්තයේ Pia SKRZYSZOWSKA තරග වැදෙමින් සිටියදීම බහමාස් දූපත් හී ඩිවයින් චාර්ල්ටන් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 7.65 ක කාලයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක්ද සමඟින්ය.
ඊට අමතරව මේ ක්‍රීඩා උළෙලේ පිරිමි ඉසව් 13 දී සහ කාන්තා ඉසව් 13 දී නව උළෙල වාර්තා 6 ක් අලුත් වී තිබිණ.දක්වන ද දක්ෂතා මේ වසරේ ලොව හොඳම දක්ෂතාවය වූ අවස්ථා 12 ක් වාර්තා විය.වඩාත් වැදගත් වන්නේ මේ තරගකාරි වාතාවරණය ඇතුළත ලොව හොඳම දක්ෂයන් සමඟ තරග වැදෙන්නට ලැබෙන අවස්ථාවෙදී සිය පෞද්ගලික දක්ෂතා ඉහළ නංවා ගන්නට සමත් වන්නේ සිය රටවල මලල ක්‍රීඩාවේ අලුත් පිටුවක් පෙරළමින්ය.ඒ අනුව මේ තරගකාරී තත්ත්වය තුළ ඒ ඒ රටවල ජාතික වාර්තා අලුත් වූ අවස්ථා 46 ක් දකින්නට ලැබුණු අතර එහිදී වැඩි වාර්තා ප්‍රමාණයක් පවතින තරගකාරී තත්ත්වයන් සමඟ ගැටි එතරම් කැපී නොපෙනෙන රටවල්වලින් වාර්තා වීම ලෝක සූරතාවයකට රටක් සහභාගිවීමේ වැදගත්කමට සාක්ෂියකි.
ඡායාරූපයේ සිටින්නේ මීටර් 60 කඩුලු නව ලෝක වාර්තාලාභිණිය ඩිවයින් චාර්ල්ටන්ය.


The post නාටකීය අවසානයක් – සූරතාවය ඇමෙරිකාවට appeared first on LNW Sinhala.
Saru News
















