නව අධ්‍යාපනයක් ගැන හීනය අපේ දරුවන්ගෙන් උදුරා ගන්න ඉඩදෙන්න එපා යැයි තමන් අගමැතිතුමියගෙන් ඉල්ලන්නේ යැයි සමාජ කි‍්‍රයාකාරිනී අනෝමා කුරුප්පු සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කළේ පසුගිය 17 වනදා මහනුවරදී පැවති අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට සම්බන්ධ වෙමිණි.
එම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත‍්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, වරාය හා ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක, ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, විදුහල්පති සේවා සංගමයේ ලේකම් සිසිර රාජපක්ෂ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති යන අයද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරිනී අනෝමා උඩුකුරුප්පු,
“අම්මා කෙනෙක් හැටියට මම ඉගෙන ගත් දෙයට වඩා වෙනස් දියුණු දෙයක් මගේ දරුවන් ඉගෙන ගන්නවාට මම අතිශයින්ම කැමතියි. නව අධ්‍යාපන ක‍්‍රමය හඳුන්වලා දෙන්නේ හැම දරුවෙකුටම යහපත් අනාගතයක් වෙනුවෙන් පාරක් විවෘත කර දෙන්නයි. මගේ දරුවා විතරක් යහපත් තැනකට ගිහින් වැඩක් නැහැ.
සමාජයේ අතරමං නොවී ඉදිරියට යන්න පාරක් නව අධ්‍යාපන ක‍්‍රමයෙන් සකස් කෙරෙනවා. පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් සාරධර්ම නොදන්නා කිසිම සංවේදීභාවයක් නැති තවකෙනෙකුට ඇහුම්කන් දෙන්නේ නැති අනෙකාගේ අදහස්වලට ගරු නොකරන පිරිසක් බිහිවී තිබෙනවා. නව අධ්‍යාපන ක‍්‍රමයෙන් සහකම්පනයක් සහිත අනාගත පරපුරක් බිහිකර ගන්න පුළුවන්.
ඉතිහාසය ගැන කතා කරන විට අපට උගන්වා තිබෙන්නේ රජවරුන් ගැන. නව අධ්‍යාපන මොඩියුලයේ වාහනවල ඉතිහාසය ගැනත් හඳුන්වා දී තිබෙනවා. මෙවැනි පුළුල් ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියකට විරුද්ධව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දරුවන්ගේ ජීවිත බිල්ලට ගන්නා පිරිසක් සිටිනවා. මම ගරු අගමැතිතුමියගෙන් ඉල්ලන්නේ නව අධ්‍යාපනයක් ගැන හීනය අපේ දරුවන්ගෙන් උදුරා ගන්න ඉඩදෙන්න එපා කියලා.
ඒ වගේම දෙමාපියන් හැටියට අපි කොන්දේසි විරහිතව ඕනෑම අභියෝගයක් ඉදිරියේ නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ දරුවන් රටේ සියලු දරුවන් හැටියට සලකා අනාගතයක් ගොඩනැගීමේ කි‍්‍රයාමාර්ග වෙනුවෙන් මේ රජයත් එක්ක එකතු වෙන ඉල්ලා සිටිනවා.
අලුත් අධ්‍යාපනයක් ගැන ඔබ කොතරම් සිහින දකිනවාද කියලා මේ පිරිස දෙස බැලුවාම මට පැහැදිලි වෙනවා.” යැයි පැවසීය.












34
Saru News








