තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායමට බවට පත්ව සිටි ප්‍රබල දකුණු අප්‍රිකාව කඩුලු 9කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය අද (4) රාත්‍රියේ සමත් විය.
නවසීලන්තය මෙලෙස විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර ඔවුන් 2021 වසරේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබුණි.
මෙවර තරගාවලියේ එකම අපරාජිතම කණ්ඩායම බවට පත්ව සිටි
දකුණු අප්‍රිකාව පසුගිය 2024 වසරේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අනුශූරතාව දිනා සිටි කණ්ඩායම වීම සුවිශේෂීය.
කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කය තරගයේ 13(12.5)වන පන්දුවාරයේදී පසුකර යෑම සුවිශේෂීය.
සිය කණ්ඩායම පෙරළිකාර ජයග්‍රහණයක් කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 33කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 100ක් රැස්කළේය.
දැවැන්ත හයේ පහර 8ක් හා හතරේ පහර 10කින් සමන්විත වූ ඇන්ගේ මෙම ඉනිම විස්සයි20 ලෝක කුසලාන තරගාවලික වාර්තා වූ වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්විය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ නවසීලන්තය හමුවේ දකුණු අප්‍රිකාව පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.
මීට පෙර දෙරට අතර තරග 5ක් පැවැත්වී තිබූ අතර, එම සියල්ලේදීම ඔවුන් නවසීලන්තය පරාජය කර තිබුණි.
කෙසේ වෙතත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී මෙම කණ්ඩායම් දෙක එකිනෙනා හා තරග වැදුණු පළමු අවස්ථාව මෙයයි.
එමෙන්ම මෙවර තරගාවලියේ මූලික වටයේ දීද මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අතර, එහිදීද නවසීන්තයට පරාජය වීමට සිදුවිය.
Saru News
















