නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්

0
5

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ පළමු පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපො‍රොත්තු තබාගැනීමට නම් මෙම ඉලක්කය අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුය.

තරගයට ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, ඒ හේතුවෙන් 13(12.1)වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 84ක් තුළ දවාගැනීමට සමත් විය.

කෙසේ නමුත් 7වන කඩුල්ලට එක්වූ නායක මිචෙල් සැට්නර් හා කෝලේ මැකොන්චි පන්දු 47කින් ලකුණු 84ක සබඳතාවක් පැවැත්වූහ.

එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ 7වන කඩුල්ලට වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාව ලෙස වාර්තා අතරටද එක්විය.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here