නයෝමිගෙ මල් බිස්නස් එක! Sri Lanka Latest News

0
5


අනුරාධපුර නෙල්ලිකුලම ගමෙන් බිහිවුණු අපේ ලස්සන ටෙලි නිළිය නයෝමි තක්ෂිලා අලුත් වැඩකට අතගහලයි කියලා පොඩි ආරංචියක් ආවා.
නයෝමි ටෙලියක්වත් අධ්‍යක්ෂණය කරන්න යනවද?

එහෙම එකක් නම් නෙවෙයි. ඔට්ටුයි කාටවත් අනුමාන කරන්න බැරිවෙයි ඔන්න. ඔට්ටු දාලා අතින් කයිට් වෙන්නේ මොකටද? ඔන්න ඔහේ නයෝමිගෙන්ම අහලා බලමු අපි.

ඉතින් නයෝමි කොහොමද වාස දේසෙ?
වරදක් නැහැ. සුපුරුදු විදියට දවස ගෙවනවා. ෂූටින්, ඩබින්, චැට් ෂෝ, අවුරුදු දවස්වල ප්‍රෝග්‍රෑම් කීපයකටම සහභාගි වුණා. ඒ ටික තමයි ඉතින් ඔය ප්‍රශ්නේ අහපුවාම කියන්න තියෙන්නේ.
ෂූටින් යන්නේ අලුතෙන් භාරගත්ත ටෙලිවලද?
අලුතෙන් භාරගත්ත ඒවත් තියෙනවා. විකාශය වන ටෙලිවලත් ෂූටින්වලට යනවා.
‘රාග’ ගැන හැමෝම වැඩිපුර කතාකරනවා නේද?
ඔව්. ප්‍රතිචාර බොහොමයි. හිතට සතුටුයි. ඇත්තටම හැමෝම ඒ ගැන කතාබහ කරනකොට.
සමහරු දොස් කියනවා ඒ චරිතය බාරගත්තට?
චරිතාංග නිළියකට බැහැ චරිත තෝරන්න බේරන්න. චරිත රිජෙක්ට් කරන්න අවස්ථාව තියෙනවා. ඒත් ‘රාග’ නාට්‍යයේ චරිතයේ රිජෙක්ට් කරන්න දෙයක් නැහැ. මොකද එහි කාවවත් ස්පා කරන සීන් එකක්වත් පෙන්නන්නේ නැහැනේ නේද?
නයෝමි අලුත් වැඩක් පටන් අරන් කියලා පොඩි ආරංචියක් ආවා?
ඔව්. ඒ ගැන මම කතා කරන්නම තමයි හිතාගෙනහිටියේ. හොඳයි ඒ ප්‍රශ්නය අහපු එක. විස්තරය සරලව කියන්නම්. මම පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක නිල් මානෙල් මල් වවලා පිටරට යවන වැඩක්. අනුරාධපුරේ අපේ ගමේ අපේම තැනක තමයි වහාව කරන්නේ. ඉඩම අක්කර දහයක එකක්. මුළුමනින්ම නිල් මානෙල් හිටවලයි තියෙන්නේ.
බලන්න ඇස් දහයක් ඕනෑ ඇති නේද?
ඇත්තමයි. අක්කර ගානක එහෙම මල් පිපුණාම මාරම ලස්සනයි. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිත හුඟක් සන්සුන් වෙනවා.
මල් ව්‍යාපාරය ගමේ පටන් ගත්තේ ඇයි?
අපේම කියලා ඉඩකඩම් ඔක්කොම තියෙන්නේ ගමේ. ඉතින් ගමේ පටන් නොගෙන කොහොමද?
නිතර යනවද ඉතින් මල් ව්‍යාපාරය බලන්න?
අම්මයි තාත්තයි තමයි ඒකට වෙහෙසෙන්නේ. මමත් ඉඩක් ලැබුණු ගමන් එහෙ ගිහින් දවසක් දෙකක් ඉඳලා තමා එන්නේ.
කලා කටයුතු මඟහැරෙන්නේ නැද්ද එතකොට?
අපොයි නැහැ. ගානට හැමදේම බැලන්ස් කරගෙන යනවා. වැඩ නැති දවස් බලලා තමයි යන්නේ.
ව්‍යාපාරයෙන් ලාභයක් තියෙනවද නයෝමි?
මෙහෙමයි. මල් ව්‍යාපාරය දියුණු වෙන්න නම් අපි කම්පැනිවලට මල් බෙදාහරින්න ඕනේ. දැනට අපි ඒක හෙමින් හෙමින් කරගෙන යනවා. ඉස්සරහට තව පුළුල්ව කරන්න බලාපොරොත්තු වෙනවා.
වන්දනාවේ යන එන අයට මල් නොමිලේ දෙනවා කියලත් ආරංචියි?
ඔව්. වන්දනාවේ යන එන අයට වගේම පන්සල්වලට, දන්සල්වලට, පින්කම්වලටත් අපි මල් නොමිලේ දෙනවා. හරිම සතුටින් මම විශේෂයෙන්ම ඒක කරන්නේ.
මල් ව්‍යාපාරය හොඳට දියුණු වුණාම රඟපෑම අතහැරලා දානවද?
කවදාවත් නැහැ. රංගනය කියන්නේ මගේ ජීවිතයේ කොටසක්. මගේ රඟපෑම දිහා බලලා සතුටු වෙනවා වගේම මල් පූදින දිහා බලලත් මම සතුටු වෙනවා.
නිළි කලාවයි මල් කලාවයි කියන්නෙත් සුන්දර අත්දැකීමක් නේද?
ඔව්. නිළියක් විදියට මම විවිධ චරිතවලට මුහුණ දෙනවා. ගමට ගියාම අක්කර ගානක් දිගට තියෙන මල් වගාව පුරාම ඇවිදලා වචනෙන් කියන්න බැරි ආශ්වාදයක් අත්විඳිනවා.

මල්මි කෞෂල්‍යා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here