ක්‍රීඩකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්, මලල ක්‍රීඩකයෙක් හා RATP ප්‍රංශ දුම්රිය සේවා අධිකාරියේ විධායකයෙක් වූ Bally Bagoyoko, ප්‍රංශයේ දෙවන මහ නගරය වන ලක්ෂයක ජනගහනයක් වෙසෙන Saint-Denis හි 50,77%කින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ. 52 හැවිරිදි උපතින් අප්‍රිකාවේ මාලි ජාතිකයෙකු වන Bally Bagoyoko කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතර එරට නව වාමාංශික පෙරමුණ වන LFI පක්ෂයෙන් 2026 මාර්තු 15 වන ඉරිදා නගර සභා මැතිවරණයට ඉදිරිපත් වී පළමු වටයෙන්ම නගරාධිපති ලෙස තේරී පත් වූ බව වාර්තා වේ.
Bally Bagoyokoගේ පත් වීම ප්‍රංශ මාධ්‍ය මගින් 2026 මාර්තු 15 වන ඉරිදා සවස ප්‍රකාශයට පත් වීමත් සමග රැස් වී සිටි ජනතාව “අප සියළු දෙනා ගාසා හි දරුවන් ” යයි සටන් පාඨ කීම නිසා සියළුම දක්ෂිණාංශික පක්ෂ හා ඊට අනුබද්ධ මාධ්‍ය විශාල ප්‍රචාරක ජාලයක් ගෙන ගියේ ඔහුගේ පත්වීම සිදු කලේ Saint-Denis හි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා ඉස්ලාම් වාදීන් විසින් යයි ප්‍රකාශ කරමින්ය. එම චෝදනා Bally Bagoyoko තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ ජාතිකත්වයන් 154ක් ජීවත්වෙන Saint-Denis හි සියළු පීඩිත ජනතාවගේ සහයෙන් ලැබූ එයතිහාසික ජයග්‍රහණයක් මෙන්ම එය යටත් විජිත භාවයට හා අධිරාජ්‍යවාදයට ද එරෙහිව තැබූ යෝධ පියවරක් ලෙසද සටහන් කරමිනි.
“මෙය රජවරුන්ගේ සහ ජීවමාන ජනතාවකගේ වූ විප්ලවීය නගරයයි. අපි අන්ත ෆැසිස්ට් වාදී දක්ෂිණාංශිකයින්ගේ වෛරයට ඉලක්ක වීම මගින් පෙන්වනු ලබන්නේ අපි ප්‍රංශ විප්ලවීය ජනරජයේ දරුවන් වීමේ නිහතමානි ආඩම්බරයයි. saintdenis නගරය යනු විවිධ ජාතීන් 154 කගේ නිවහනයි. අපි කාගේ ඉත්තොද කියලා අහන මහත්වරුන්ට අප ලබා දෙන පිළිතුර වනුයේ අපි ජනතා නියෝජිතයෝ ” යයි Bally Bagoyoko මාධ්‍ය වෙත පවසා සිටියේය.
දේශීය සමාජ ක්‍රියාකාරිකයකුව සිට නගරාධිපති ධූරය වැනි ජාතික සංකේතයක් දක්වා පැමිණීම සියළු වාමාංශික ව්‍යාපාර වල පැසසුමට ලක් වී ඇති අතර ඔහු පැරිස් පොදු ප්‍රවාහන සමාගමක් (RATP) හි විධායකයෙකු සිටි අවධියේ (LFI) හි සාමාජිකයෙකු වී මැතිවරණයට ඉදිරිපත්ව 2026 මාර්තු 15 වන ඉරිදා ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය (PCF) සමඟ කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කරමින් පළමු වටයේදීම සමස්ථ චන්ද ප්‍රතිශතයෙන් 50.77%කින් නගරාධිපති ලෙස තේරී පත් විණි.
Bally Bagoyoko ලැබූ මැතිවරණය “LFI හි ජාතික උපායමාර්ගි වැඩපිළිවෙල ප්‍රාදේශීයව ජනතාව පිළිගැනීමේ සංකේතයක් පෙන්නුම් කරයි” යනුවෙන් ඔහු මධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ දක්ෂිණාංශික මාධ්‍ය වල නරුමකම ද හෙලා දකිමිනි.
“”මාගේ ආධුනිකත්වය” සහ “ව්‍යාජ ප්‍රවෘත්ති” පල කරමින් තිබෙන අසත්‍ය චෝදනා වලින් LFI පක්ෂයක් ලෙස ලැබූ ජයග්‍රහණය වැළැක්වීමට ප්‍රමාණවත් වෙන්නේ නෑ ” යයි Bally Bagoyoko අවසන් වශයෙන් පවසා සිටියේය.
Bally Bagoyokoගේ අප්‍රිකානු කළු සම්භවය මතු කරමින් සිදු කල ජාතිවාදී හා ඉස්ලාම් විරෝධී ප්‍රචාර වලට එරෙහිව ප්‍රංශයේ මානව අයිතිවාසිකම් සංවිධාන මේ වන විට අධිකරණ ක්‍රියා මාර්ග සිදු කරමින් සිටි. ඇතැම් ජනමාධ්‍ය තමන් ප්‍රචාරය කල වැරදි පුවත් සම්බන්ධයෙන් සමාව යදමින් සිටි. එසේම ඇතැම් මාධ්‍ය ඔහු නිව්යෝර්ක් නගරාධිපති ලෙස පත් වූ Zohran Mamdani හට සමාන කරමින් ද සිටි. නොමිලේ ගමනාගමනය, නොමිලේ සෞඛ්‍ය සේවය, නොමිලේ බයිසිකල් ලබා දීම, ඔහුගේ ප්‍රධාන පොරොන්දු ලෙස ඉදිරිපත් කර ඇත.
“52 හැවිරිදි Bally Bagoyoko යනු නවකයෙක් නොවේ.ඔහුට මැතිවරණ ව්‍යාපාරවල අත්දැකීම් තිබේ. ඔහුට නාගරික කළමනාකරණයේ අත්දැකීම් ද ඇත. ඔහු දිස්ත්‍රික්ක කවුන්සිලයේ උප සභාපති ලෙස ද සේවය කරලා තිබෙනවා. saint denis නගරය තුල ආසන්න වශයෙන් 150,000 ක ජනගහනයක් සිටිනවා. ප්‍රංශයේ දෙවන විශාලතම නගරයේ නගරාධිපතිවරයා ලෙස Bally Bagoyoko ජනතා චන්දයෙන් පත් වී තිබෙනවා. මෙම ජයග්‍රහණය මගින් පෙන්නුම් කරන්නේ වසර ගණනාවක සිට ඔහු විසින් සෑම සමාජ අරගලයකටම සම්බන්ධ වී සිදු කල බිම් මට්ටමේ භාවිතාවේ බලපෑම” යයි හිටපු නගරාධිපති මෙන්ම 2001 දී ඔහුව දේශපාලනයට හඳුන්වා දුන් ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ පැට්‍රික් බ්‍රෝසෙක් පවසා සිටි.
සරල ඇඳුමක් සහ ටයි පටියක් බැඳගෙන saintdenis නගරය හරහා ඇවිදිමින් රජයට අයත් පොදු නිවාසවල වෙසෙන ජනතාව සමග ඔහුගේ ළමා කාලය ගෙවී තිබිණි. මෙම කලාපයේ වෙසෙන බහුතරයක් විදේශ සංක්‍රමිකයින්ට අයත් කම්කරු පන්තියේ ජනතාව ගෙන් පැවත එන දරුවන් සමාජයේ මුහුණ දෙන අසාධාරණය, ජාතිවාදය, පොලිස් විෂමාචාරය” සහ “වෙනස් කොට සැලකීමට” එරෙහිව ඔහු තම මැතිවරණ ප්‍රවාහය දියත් කර තිබිණි.
ප්‍රංශ දේශපාලන විචාරකයින් ට අනුව saintdenis නගර සභා කලාපය තුල චන්ද සටන දරුණු වූ අතර, ජාතිවාදය, අභ්‍යන්තර මතභේද සහ අසත්‍ය චෝදනා වලින් ද පිරි පැවතිණි. Bally Bagoyoko මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගන්නා බවටද, චන්ද කාඩ් පත් එකතු කරන බවටද චෝදනා එල්ල විණි. LFI පක්ෂ නායක ජීන්-ලූක් මෙලෙන්චොන් මැතිවරණ රැලියකදී ඉවත්ව යන විපක්ෂයේ සමාජවාදී නගරාධිපති වරයා වන මැතිව් හැනොටින් හට “සෙම සහිත සුළු ධනේශ්වරයක්” ලෙස හැඳින්වීමට තරම් චන්ද වේදිකාව දුර දිග ගියේය.
2020 දී saintdenis කලාපයේ නාගරික කොමියුනිස්ට්වාදයේ වසර 75 ක් බලය අවසන් කළ සමජවාදී පක්ෂයේ මැතිව් හැනොටින් මෙවර ලබාගත් 32.7% චන්ද ප්‍රතිශතය විපක්ෂ සමාජවාදී කඳවුරට කම්පනයක් සහ පුදුමයක් ඇති කල අතර දින කීපයක් අදහස් පල කිරීමෙන් ද බැහැරව සිටියේය. පසුව ඔහු තම පරාජය පිලි ගනු ලැබුවේය.
මහා මැතිවරණයේදී සමාජවාදී පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා LFI පක්ෂය එක් පෙරමුණක සටන් කලද ගාසා හි ඇවිලී ගිය යුද්ධයත් සමග LFI වාමාංශික පෙරමුණ හා විපක්ෂයේ සමාජවාදී පක්ෂය අතර නොනවතින ගැටුමක් වර්ධනය විණි. LFI පක්ෂය විසින් හාමස් සංවිධානය ත්‍රස්ත වාදී සංවිධානයක් ලෙස හැඳින්වීම ප්‍රතික්‍ෂේප කිරීම හා පලස්තීන අරගලය වෙනුවෙන් ඍජුවම පෙනී සිටීම මෙම දෙකඩ වීමට හේතු විණි.
මෙම මැතිවරණ ප්‍රවාහය තුලදීත් වෙනත් රටවලට සමානව සම්ප්‍රදායික පක්ෂ පසුපසට වීසිවෙමින් නව වාමාංශික පක්ෂ ඉදිරියට පැමිණීමක් දක්නට ලැබෙන අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත ප්‍රංශයේ ජනාධිපතිවරණයේ හා මහා මැතිවරණයට පෙර මෙම තත්වය තව තවත් ත්‍රිව විය හැකි බව දේශපාලන විචාරකයින් ගේ මතයයි. විශේෂයෙන් අන්ත දක්ෂිණාංශික RN පක්ෂය මෙවර මැතිවරණයේදී පසුබෑමට ලක් වී ඇති ඇත. ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය ඔවුන්ගේ සංක්‍රමික විරෝධී පැසිස්ට් දේශපාලන ය අවුල් කර ඇත. LFI පක්ෂය පෙරමුණු රාශියකින් ඉදිරියට පැමිණ ඇත්තේ ඔවුන්ගේ කණ්ඩායමක් යයි සැකකෙරෙන පිරිසක් මැතිවරණයේ මුල් මාසයේදී නාසිවාදි ශිෂ්‍යයයෙක් ද මරා දැමීමෙන් පසුව වීමත් විශේෂ කාරණයකි. මෙම මරණයෙන් පසුව විශාල වශයෙන් තරුණයන් හා ශිෂ්‍යයන් LFI පක්ෂය සමග නැගී ආ නාසිවාදයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව එක් පෙරමුණකට එක්වීම ද මාධ්‍ය මගින් හෙළි කර තිබිණි.
Bally Bagoyoko යනු එම උත්සාහයේ ෆැසිස්ට් විරෝධී දේශපාලනයේ සංකේතාත්මක ප්‍රථිපලයක් වන අතර ප්‍රංශයේ සෑම මැතිවරණයක දී මෙන්ම මෙවරත් 2026 වසර පුරා වටත් රාජාණ්ඩු විරෝධය හා එය නියෝජනය කරන අන්ත දක්ෂිණාංශික ජාතිවාදී කඳවුරට එරෙහිව අරගලය වාමාංශික ව්‍යාපාරය වටා ජනතාව ඒකරාශී වීම මෙවරත් සිදු වී ඇති අතර එය අනාගත මැතිවරණ වලදීත් සිදු වීමට නියමිත බව ද ඔවුන් තවදුරටත් පෙන්වා දේ.
මාර්තු 22 වන ඉරිදා ප්‍රංශ නගර සභා, පළාත් පාලන චන්දයේ දෙවන වටය පැවැත්වීමට නියමිතව ඇති අතර පැරිස් නගරයේ ප්‍රංශ සමාජවාදී පක්ෂය, LFI හා පාලක මක්රෝන්ගේ පක්ෂයේ අපේක්ෂකයා අතර සිදුවන තීරණාත්මක සටන වෙත සමස්ථ ජනතාවම බලා සිටි.
1
Saru News
















