ද. කොරියාවේ හිටපු ජනපති ආර්යාවට මාස 20ක සිර දඬුවමක්

0
12

දකුණු කොරියා අධිකරණයක් විසින් එරට හිටපු ජනාධිපති ආර්යා කිම් කියොන් (Kim Keon Hee) ට සිර දඬුවම් නියම කර තිබේ. ඒ අල්ලස් ලබා ගැනීමේ චෝදනා මතය.

පසුගිය වසරේ ධුරයෙන් නෙරපා හරින ලද හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ (Yoon Suk Yeol) බිරිඳට මෙම චෝදනා එල්ල වී ඇත.

දේශපාලන වාසි වෙනුවෙන් එරට පල්ලියක නිලධාරීන්ගෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාව වන කිම් කියොන් හී වරදකරු කර තිබේ.

නියෝගය ලබා දුන් දකුණු කොරියා අධිකරණය ඇයට වසරක සහ මාස අටක සිර දඬුවමක් නියම කර ඇත.

එසේම ඇයට එරෙහිව තිබූ තවත් චෝදනාවන් වන කොටස් මිල හැසිරවීම සහ දේශපාලන අරමුදල් නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනාවලට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එම චෝදනාවලින් ඇයව නිදහස් කිරීමට අධිකරණය පියවරගෙන ඇත.

2024 දී හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් විසින් කෙටි කාලීනව යුද නීතිය පැනවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ පසු වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here