දේශබන්දුට එරෙහි විමර්ශන කමිටුවේ සහායට පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

0
11


දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත් කළ කමිටුවට සහාය වීමට නිලධාරීන් 4 දෙනෙකුගෙන් යුත් පොලිස් විමර්ශන කණ්ඩායමක් පත්කළ බව පොලිසිය දැනුම් දෙනවා.

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට එම කමිටුව පසුගියදා දැනුම් දෙනු ලැබුවා.

ඒ, අදාළ කමිටුව පෙරේදා (25) දිනයේ පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදීයි.

මේ අතර ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා මෙම විමර්ශන කමිටුව හෙට (28) දින නැවත රැස්වීමට නියමිතව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here