දේශබන්දුට එරෙහි නඩුව අද යළි කැඳවයි

0
18


රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ නඩුව අද (10) යළි කැඳවීමට නියමිත තිබෙනවා.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී.

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් (10) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු පසුගිය (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

මේ අතර පසුගිය (20) වෙනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු (19) පෙරවරුවේ අධිකරණයට භාර වුණා.

ඒ එම නියෝගය නිකුත් කර දින 20 ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි මස 27 වනදා අධිකරණය නියෝග කර තිබුණා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here