දේශබන්දුට ඇප

0
19


වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) ඇප මත මුදා හැරුණා.

ඒ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකරු මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබුණා.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු (19) පෙරවරුවේ අධිකරණයට භාර වුණා.

ඒ එම නියෝගය නිකුත් කර දින 20 ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි මස 27 වනදා අධිකරණය නියෝග කර තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here