දේශපාලඥයෝ 15ක් අත්අඩංගුවට !

0
4

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව මඟින් 2025 වසර තුළ සිදු කරන ලද වැට­ලී­ම්ව­ලින් සහ පැමි­ණිලි විම­ර්ශන මඟින් දේශ­පා­ල­න­ඥ­යන්, රාජ්‍ය නිල­ධා­රීන් ඇතුළු 214ක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙන බව එම කොමි­ෂන් සභාවේ 2025 ප්‍රගති වාර්තාව මඟින් හෙළි කර ඇත.

හිටපු ඇමැ­ති­ව­රුන් වන කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, එස්.එම්. චන්ද්‍ර­සේන, ප්‍රසන්න රණ­තුංග, චාමර සම්පත් දසනායක ඇතුළු දේශ­පා­ල­න­ඥයෝ 15ක් මේ අතර වෙති. 

හිටපු කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යෙක්, සේවය කර­මින් සිටි නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­ර­යෙක් සහ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු 10ක්ද අත්අ­ඩං­ගු­වට ගත් රාජ්‍ය නිල­ධා­රීන් අතර සිටිති.

අත්අ­ඩං­ගු­වට ගත් රාජ්‍ය සේව­ක­ය­න්ගෙන් වැඩිම පිරිස පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් වන අතර, එය සංඛ්‍යා­ත්ම­කව 33කි. 

අධි­ක­රණ අමා­ත්‍යාං­ශය යටතේ සේවය කරන ලද නිල­ධා­රීහු 14 දෙනෙක්ද කොමි­සම මඟින් අත්අ­ඩං­ගු­වට ගත් රාජ්‍ය සේව­ක­යන් අතර වෙති.

2025 ජන­වාරි 1 සිට දෙසැ­ම්බර් 31 දක්වා කාල­යේදී කොමි­ස­මට පැමි­ණිලි 8,080ක් ලැබී ඇති අතර, පැමි­ණිලි 569ක් විම­ර්ශ­නය සඳහා නියෝග ලැබී තිබේ. 

පැමි­ණිලි 3,660ක් ප්‍රමා­ණ­වත් කරුණු නොවීම හෝ පන­තට අදාළ නොවීම මත විම­ර්ශ­නය නොකි­රී­මට තීර­ණය කර ඇත. ඉදි­රි­පත් වූ පැමි­ණිලි 1,167ක් වෙනත් අදාළ ආය­තන වෙත යොමු කර ඇති අතර, වසර අව­සා­න­යේදී පැමි­ණිලි 731ක් ඉදිරි කට­යුතු සඳහා ඉති­රිව පවතී.

කොමි­ෂන් සභාව මඟින් සිදු කරන ලද විම­ර්ශ­න­ව­ලින් පසු 153 දෙන­කුට එරෙ­හිව නඩු පවරා ඇත. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව යටතේ පව­රන ලද නඩු විභා­ග­ව­ලින් 2025 වස­රේදී 36 දෙනකු වර­ද­ක­රු­වන්ව දඬු­වම් ලබා තිබෙන බවද අදාළ වාර්තාවේ දැක්වේ.

මූලාශ්‍රය – සිළුමිණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here