දෙවුන්දර වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

0
5

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබිණි.

එහිදී තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ‘ඩිලයිට්’ නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව සඳහන්.

මෙම වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි.

The post දෙවුන්දර වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here