දෙවිනුවර ද්විත්ව ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන ගිනිඅවිය සොයා ගැනේ

0
29


දෙවිනුවර ද්විත්ව ඝාතනයට යොදා ගත් බවට සැකකෙරෙන ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට දී පසුගියදා තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනවා.

එහිදී අනාවරණය වූ කරුණු අනුව යටියන පාර කැකනදුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේ දි ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා මැගසිනයක් සොයා ගෙන තිබෙනවා.

මෙය අදාළ වෙඩි තැබීම සඳහා යොදා ගත් ගිනිඅවිය බවටයි සැකකෙරෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here