දෙතොල් අවපැහැ වෙන්නේ මේ හේතු නිසයි.

0
7

මුහුණේ ලස්සනට බලපාන ප්‍රධාන කාරණාවක් විදියට ලස්සන තොල් යුගලක් හඳුන්වන්න පුලුවන්. ඒත් බොහෝ තරුණියන් ට තියන ගැටලුවක් තමයි තොල් අවපැහැ ගැන්වීම. මෙහෙම වෙන්න බලපාන හේතු ගණනාවක් තියෙනවා. අපි අද ඒ ගැන ඔබට කියන්න හිතුවා.ඒ වගේම අවපැහැ වුන දෙතොල් පැැහැපත් කර ගත හැකිි සත්කාර ගැනත් ඔබට දැන ගන්න පුලුවන්.

තොල් අවපැහැ ගැන්වෙන කාරණා.

තොල් ආලේපන භාවිතයේදි සිදුවන වැරදි නිසා

  • නිතරම තොල් ආලේප ගල්වා ගෙන සිටීම නිසා ඔබේ තොල් අවපැහැයට පත් වෙන්න වැඩි ඉඩක් තියනවා
  • ඒ වගේම තොල් ආලේපන කරන්න පෙර ඔබේ දෙතොලේ ලිප් බාම් එකකින් ආවරණය නොකිරීමත් තොල් අවපැහැයට පත් වෙන්න හේතුවක්. 
  • ප්‍රමිතියක් නැති බාල තොල් ආලේපන පාවිච්චි කිරීමත් ඔබේ තොල් අවපැහැ ගැන්වෙන්න බලපාන ප්‍රධානම හේතුවක්.
  • කල් ඉකුත් වූ ලිප්ස්ටික් භාවිතයත් ඔබේ තොල් අවපැහැ ගැන්වෙන්න හේතුවක්. ප්‍රමිතියක් ඇති ලිප්ස්ටික් භාවිතා කිරීම සහ ඒවා නිසි පරිදි ඉවත් කර ගැනීම හරිම වැදගත්.

තොල් ආලේපන භාවිතයේදි මේ අතපසු වීම්  සිදුවනවා නම් වහාම ඒ ගැන සැලකිලිමත් වීම ඔබේ දෙතොල් වල සුන්දරත්වය රැකගැනීම සදහා වැදගත් වේවී.

අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම.

තොල් පැලෙන්න, වේලී යන්න සහ අවපැහැ ගැන්වීමට වතුර නොබීමත් ලොකු හේතුවක්.ඒ නිසා ඔබේ සිරුරට අවශ්‍ය තරමට ජලය පානය කිරීම අතිශය වැදගත්.

අධික උණුසුම් පාන වර්ග නිතර පාවිච්චිය 

 ඔබ පානය කරන පාන වර්ග අධික උණුසුමින් යුතු නම් එය ඔබේ දෙතොල් අවපැහැ ගැන්වෙන්න හේතුවක් වෙනවා.මේ නිසා උණුසුම් පාන වර්ග මදක් නිවෙන්නට තබා පානය කිරීම ඉතා වැදගත්.

සිගරට් බීම

සිගරට් බීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා වගේම එය ඔබේ තොල් දුර්වර්ණ කරන්නත් ලොකු හේතුවක්.

සමහර රෝග ලක්ෂණ

සමහර රෝග හඳුනා ගැනීමටත් වේලී ගිය සහ පැලුණු තොල් හේතුවක් වෙනවා.නිතරම තොල් වේලි යනවා සහ පැලෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම හරිම වැදගත්.

තොල් අවපැහැ ගැන්වීමට සරල ප්‍රතිකාර

අපි මේ කියන්නෙ ඔබට නිවසේදීම කල හැකි ප්‍රතිකාර කිහිපයක් , මේ ප්‍රතිකාර එක දිගට යම් කාලයක් කිරීමත්, ඉහත දේවල් හැකිතාක් සිදු නොකිරීමට වග බලා ගැනීමත් ඉතාම වැදගත්.

  • ග්ලිසරින් සහ මී පැණි සමව මිශ්‍ර කර තොල් වල ආලේප කරන්න. පැය දෙක තුනක් තබා සෝදා හරින්න.
  • කෝමාරිකා ,අර්තාපල් සහ පිපිඤ්ඤා බ්ලෙන්ඩ් කර පොට්ටනියක් ආකාරයෙන් සකසා එය ශීතකරණයේ මඳ වෙලාවක් තබා එයින් තොල් සම්බාහනය කරන්න.

මේ වගේ ප්‍රතිකාර වලින් ඔබේ තොල් නැවත සුන්දර කර ගන්න ඔබට හැකියාව ලැබෙයි.

තොරතුරු සැපයීම –
රූපලාවණ්‍ය ශිල්පිනි මධූ ජයවීර 0776463308

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here