දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් ගැන ප්‍රවාහන අමාත්‍යංශය තීරණයක් ගනී

0
17


දූෂිත සහ රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. 

එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එවැනි නිලධාරීන් පසුගිය කාලසීමාව තුළ හඳුනාගත් බවයි. 

ඒ අනුව එවැනි නිලධාරීන් ස්ථාන මාරු කිරීමට පියවර ගැනීමටයි අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත්තේ. 

අල්ලස් ලබා ගන්නා නිලධාරීන් අතර ප්‍රවාහන අමාත්‍යංශයට අයත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සිටින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. 

එය සැලකිල්ලට ගනිමින් කඩිනමින් අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරියෙකු නෙත් නිවුස් වෙත වැඩිදුරටත් පැවසුවේ.   

මේ අතර ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025 – 2029 එළිදැක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. 

එහිදීද ජනාධිපතිවරයා කියා සිටියේ දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

Neth Sound · ANURA 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here