මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම, සැපයුම් මාර්ගවලට බාධා ඇතිවීම සහ ඉන්ධන සපයන රටවල් අතර ඇතිවිය හැකි අස්ථාවත්නයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සීමාකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් දුම්රිය සේවාව ශක්තිමක් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පැවසුවේ මෙම තත්ත්වය පිළිබඳව පෙරදැක්මකින් යුතුව සිය සංගමය විසින් පසුගිය 04 වැනි දින දුම්රිය දෙපාර්තමේන්තුවද දැනුවත් කර ඇති බවය.
ඒ අනුව ඉන්ධන සීමාකාරි තත්ත්වයක් ඇතිවීමත් සමග පෞද්ගලික වාහන භාවිතය සීමාවී කාර්යාලීය කාර්ය මණ්ඩලය, පාසල් සිසුන් සහ දෛනික ගමනාගමනය සිදුකරන මහජනතාව පොදු ප්‍රවාහන සේවාවවන් වෙත යොමු වීම අනිවාර්යයෙන්ම සිදුවිය හැකි බවත් විශේෂයෙන්ම නාගරික හා තදාසන්න ප්‍රදේශවල දෛනික ගමනාගමන අවශ්‍යතා ඉහළ යාමත් සමහග පවතින පොදු ප්‍රවාහන පද්ධති මත ඇතිවන පීඩනය ඉහළ හා හැකි බවද එම සංගමය පෙන්වා දී තිබේ.
ඒ අනුව ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා දුම්රිය සේවාව කඩිනමින් පුළුල් කර ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය කාර්යක් වන බැවින් එම කාර්යයන් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා වූ යෝජනා මාලාවක් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමටද පියවර ගෙන තිබේ.
Saru News
















