දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන අලුත් අවුරුද්දක් වේවා – විපක්ෂ නායක

0
22


දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන අලුත් අවුරුද්දක් වේවායි රටේ සියලුම ජනතාවට ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

සුපුරුදු අභියෝග මෙන්ම නුපුරුදු අභියෝග ද ඉදිරියේ දී පැමිණීමට ඉඩ ඇති හෙයින් මේ සියලු ගැටලු කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේ දී සියලු දෙනා සාමූහික වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here