දිදුලන නිරෝගී සමක් කියන්නේ සෑම කාන්තාවකගේම සුන්දර සිහිනයක්. ඉතින් බොහෝ දෙනා ඒ වෙනුවෙන් මිල අධික කෘතිම ආලේපන හෝ ස්වභාවික විවිධ ආලේපන ගල්වනවා.නමුත් අප එදිනෙදා ගන්නා ආහාර වලින් සමේ නිරෝගී බවට වගේම දිදුලන බවට විශාල බලපෑමක් කරන්නට පුළුවන් බව ඔබ දන්නවාද?
ඒ නිසා ඔබේ සමේ පැහැපත් බව වැඩි කරන එවැනි ආහාර පිළිබඳ කතිකාවකටයි ඔබ සමග අප මේ සූදානම් වෙන්නේ.මේ ලිපියට අමතරව කරුණු ඔබ දන්නවා නම් අපේ කමෙන්ට් තීරුවේ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් අපට සහයෝගය ලබා දෙන්නට පුළුවන්.
තක්කාලිවල අඩංගු Lycopene තක්කාලි රතු පැහැ ගන්වනවා සේම සමෙහි කොලජන් මට්ටම ඉහල දැමීමටද සමත් වෙනවා.පර්යේෂකයන් පවසන්නේ දිනපතා තක්කාලි ආහාරයට ගන්නා අයගේ සම හිරු එළියට පිලිස්සීමේ සම්භාවිතාව අවම බවයි.
මේ ගැන කිසිම පුදුමයක් නෑ.කැරට් බීටා කැරොටින් සහ විටමින් A පොහොසත් නිසා මැජික් වෙනසක් ඔබේ සම මත සිදුකිරීමේ හැකියාවෙන් යුතුයි.ඇස් වල නිරෝගීතාව ඔබේ රූ සපුවට මෙන්ම සෞඛ්‍යටත් ඉතා විශාල බලපෑමක් කරනව.ඒ වගේම සමේ විවිධ ගැටලු රැසකට කැරට් කියන්නෙ ඉතාමත් හොඳ විසඳුමක් .
එළවළු සහ පලතුරු වලින් පොහොසත් ආහාර වේලක් නිරතුරුව ඔබට සෞඛ්‍යයමත්, ආකර්ෂණීය වගේම දිදුලන පෙනුමක් ලබා දෙනවා.
කහ කියන්නේ පැහැපත් සමක් ගැන කතා කිරීමේ දී නැතුවම බැරි දෙයක්.එය සම ආරක්ෂා කරනවා .ප්‍රති ඔක්සිකාරක වලින් පොහොසත් නිසා ආසාදන වලින් වළක්වනවා .පර්යේෂකයන් විශේෂයෙන්ම පවසන්නේ සම වයසට යාම නිසා මෙන්ම hormone imbalanced ඇතිවන Dark pigmentation blotches, සුවපත් කිරීමේ හැකියාව මී පැණි සහ කහ සුසංයෝගයට හැකි බවයි.
ඉතාමත් බල සම්පන්න anti inflammatory omega 3 සහ dimethylaminoethanol (DMAE) මෙහි අඩංගු නිසා නිරන්තරයෙන් ම නිරෝගී සෛල නිපදවීමට හේතුවෙනවා. පිලිකා කාරක සෛල වලින් තොරවීමට මෙන්ම,සමේ රැළි ඇතිවීම වැළැක්වීම,නිවැරදි මස්පිඩු ක්‍රියාකාරීත්වය මගින් තරුණ සමක් රඳා පවත්වාගැනීම කෙරෙහි මහත් සේ උපකාරී වනවා.
ගස්ලබු අපට පහසුවෙන් සොයා ගැනීමට හැකි පලතුරක්.සමට,සිරුරට ගුණදායක එන්සයිම රැසකින් ගස්ලබු පොහොසත්.
papain,chymopapain,වැනි එන්සයිම ඒ අතර තිබෙනවා.කැළැල් මකා දැමීමට සහ සම පිරිසුදු කිරීම ඇතුලු කාර්‍යන් රැසක් ඉටුකිරීමට සමත් වෙනවා.
සම නිසියාකාරව පවත්වා ගැනීමට වගේම කොලජන් නිපදවීම සඳහා විටමින් සී C ඉතාමත්ම වැදගත්.yello pepper ඉතාමත්ම ඉහලින්ම එම ගුණයෙන් යුතු වෙනවා.
ඉතාමත් කාර්යක්ෂම ව සෛල ක්‍රියාත්මක කරවීමේ බලයක් හිමි බිත්තර විටමින් සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් ඉතාමත් පොහොසත්.ඒ වගේ ම beauty vitamin ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන biotin වලින් පොහොසත් .මෙම B කාණ්ඩයේ මෙම විටමින් වර්ග ය හිස කෙස් වර්ධනය ට,නියපොතුවල ශක්තිමත් බවට ඒ වගේම පර්යේෂකයන් පවසන්නේ ,acne,rashes,dryness වලින් සම ආරක්ෂා කරන බවයි .
වෙහෙසට පත් ඔබේ සම detox water මගින් යථා තත්ත්වයට පත් කර ගත හැකි බව ඔබ දන්නවා වෙන්න පුළුවන් .ඒත් සමහර විට ඔබ තවමත් එය ඔබේ භාවිතයට නොගත්තා විය හැකියි .ඉඟුරු ද ඇතුළු ව ලෙමන් හෝ පැඟිරි කුලයේ කිසියම් පලතුරක් කුඩා කොටස් වලට කපා ගන්න .එය අයිස් වතුර භාජනයක තබා ඒ විටින් විට පානයට ගන්න .අක්මාව පිරිසුදු කිරීම වගේම ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ,විටමින් C නොඅඩුව අඩංගු මෙම පානය සිරුරේ කාර්‍යක්ශමතාව වැඩිකිරීමට සමත්වෙනවා.
සමේ පැහැපත් බව ගැන ,එහි තරුණ බව ගැන වෙහෙසන ඔබ අනිවාර්යෙන්ම ලබාගත යුතු පලතුරක් අලිගැට පේර.monounsaturated fatty acid වලින් පොහොසත් අලි ගැට පේර සම වයසට යාම නවතා තරුණ පෙනුම රැක දෙනවා.හිරු එළියෙන් සම ආරක්ෂා කරනවා .
මේ සඳහා යෝගා,ව්‍යායාම්,සංගීතය,සාහිත්‍ය ඇසුරු කරන්න පුලුවන්.ඉන් ඉහළ ප්‍රතිපල ලැබෙනවා.
සම පෝෂණය කරන ආහාර රටාවක් අනුගමනය කිරීම වැදගත්.ඌෂ්ණ ආහාර නිසා සමට හානි වෙන්නට පිලිවන්.ඒ නිසා නිතරම ශරීරය සිසිල් කරන ආහාර ලබාගැනීම ඉතාමත්ම වැදගත් .
මුහුණ සෝදන විට අතුල්ලන්න ට එපා.සම ඇදී යාමට හැකි යි.ඒ වගේම සබන් භාවිතය ද නොකළ යුතුයි .මෘදුව රවුම් ආකාරයට පමණක් පිරිමදිමින් සෝදන්න .ඒ වගේම මුහුණ සේදීමට සිසිල් ජලය පමණක් භාවිතා කරන්න .උණු වතුර නිසා සම වියලීම ට ලක්වෙනවා.
ප්‍රමාණවත් නින්දක් නිසාවෙන් දෑස් යටගිලීම,මලානික පෙනුම නැතිවෙනවා.දීප්තිමත් නැවුම් පෙනුමක් ලැබෙනවා.
Saru FM Media