දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාම් අනතුරු අඟවයි

0
7


මේ දිනවල පවතිනා වර්ෂාපතනය හේතුවෙන් අද උදෑසන ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ කොළඹ කළුතර ගාල්ල මාතර  මහනුවර කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අද උදෑසන අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බවයි.

ඒ අනුව  කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ 

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කර සිටියේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here