දිවා රෑ නොබලා ක්‍රිකට් රස බෙදන ලංකාවේ පස්වන ජාත්‍යන්තර පිටියේදී ලෝක කුසලානය මාධ්‍යයට ප්‍රදර්ශනය වීම

0
9

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 විස්සයි විස්ස පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සූරතා කුසලානය ප්‍රදර්ශනය කිරීම මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිඳුවෙමින් පවතිනවා.ඒ දක්ෂතා සඳහා ක්‍රීඩාව පැත්තෙන් සිය මව්රටේ ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය සහ සුභ පැතිම ද ජයග්‍රහණය සඳහා අවශ්‍යය මානසික උත්තේජනයට වැදගත් වන නිසයි.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට ආශිර්වාද කරන්නට ජය පතන්නට 23 වන දින කුසලාන ප්‍රදර්ශනය කිරීමේ සංචාරයේ ආරම්භය ජනමාධ්‍යෙවේදීන් ඉදිරියේ කොළඹ එස්එස්සී පිටියේදී සිඳු වුණා.එම අවස්ථාවට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායම් නායක දසුන් ශානක මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණ ද එක්ව සිටියා.

එස්එස්සී ක්‍රීඩා පිටිය මෙවර ලෝ සූරතා තරගාවලියේදී, ජාත්‍යන්තර දිවා රාත්‍රී තරග පැවත්වීමට පහසුකම් සහ සුදුසුකම් ඇති ලංකාවේ පස්වන ක්‍රීඩාංගණය ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවට එක්විමට නියමිතව තිබෙනවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here