
ශ්‍රී ලංකාව වටා මුහුදු සීමා ආරක්ෂා කරන සහ ජාත්‍යන්තර මෙහෙයුම්වලට දායක වන ශ්‍රී ලංකා නාවික හමුදාව මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් අනන්‍ය වූ උත්සවයක් සංවිධානය කර තිබුණි. සංචාරක කර්මාන්තය හා ජල කිමිදුම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අලුත් අවුරුද්ද උදා වීමට පෙර දිය යට අවුරුදු උත්සවයක් පවත්වන ලදී.
මෙම අවුරුදු උත්සවයේ ක්‍රීඩා සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩාවලින්
සැලකිය යුතු ලෙස වෙනස් විය. උදාහරණයක් ලෙස, අලියාට ඇහැ තැබීම වෙනුවට,
මෙහිදී නැංගුරමේ නැංගුරම් මුදුවට ඇස තැබීමේ තරඟය පවත්වන ලදී. එමෙන්ම,
සාමාන්‍යයෙන් කඹ ඇදීමේ ක්‍රීඩාවේදී කණ්ඩායම් දෙකක් දෙපැත්තකට කඹය අදින
නමුත්, ‘සිඳුරළ’ නෞකාවේ සීමිත ඉඩකඩ හේතුවෙන්, නාවික හමුදාව විසින් අනන්‍ය
වූ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව මැද්දෙන් බොලොක්කයක් යොදා ගනිමින් එකම
පැත්තකට කඹය ඇදීමට ආවේණික වූ තරඟයක් පවත්වන ලදී. මෙම තරඟයේදී සීමා ඉර පසු
කර ඇදී යන පිරිස් පරාජිතයන් ලෙස සැලකිණි. කණ්ඩායම් වශයෙන් බෙදී තරඟ කළද,
දිගටම එකම පැත්තකට කඹය ඇද්දේ නම්, රටක් වශයෙන් වුවද ජයග්‍රහණය කිරීමට
අවස්ථාව තිබූ බව මෙම තරඟයෙන් පැහැදිලි විය. නාවික හමුදාවේ අලුත් අවුරුදු
උත්සවයට කණා මුට්ටි බිඳීම, කොට්ටා පොරය, ජන ගායනා හා ගීත ගායනා ඇතුළු අංග
කිහිපයක්ද ඇතුළත් විය.
ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තර වශයෙන් ස්ථාපිත කිරීමට උත්සාහ දරන මෙම කාලවකවානුවේ, රටේ ප්‍රථම වතාවට පැවති මෙම දිය යට අවුරුදු උත්සවය බොහෝ දෙනාට නව අත්දැකීමක් ලබා දුන්නේය. දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ආකර්ෂණය දිනා ගැනීම සඳහා මෙය නිර්මාණාත්මක පියවරක් විය.
දිය යට අවුරුදු උත්සවය පැවැත්වීමෙන් පසුව, නාවික හමුදාවේ ‘සිඳුරළ’ නෞකාව මත නව වසර උදා වූ අප්‍රේල් 14 වැනි දින තවත් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන ඛානගොඩගේ මඟ පෙන්වීම යටතේ නෞකාව මත මෙම අවුරුදු උත්සවය සංවිධානය කරන ලදී.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනුෂා බානගොඩ මහත්මිය මෙම අවුරුදු උත්සවයේ සම්භාවනීය අමුත්තෝ ලෙස සහභාගී වූහ.













Saru FM Media