දිදුලන මුහුණක් ලබා ගන්න ස්වභාවික Face mask කිහිපයක්.

0
14


දිදුලන දීප්තිමත් සමක් කියන්නේ ඕනෑම යුවතියකට ආභරණයක්.මුහුණේ සම දීප්තිමත් සහ දිදුලන සුළු නම් එහි අගය තවත් වැඩි වෙනවා.මේ කියන්නේ ඔබ සුදුම සුදු කෙල්ලක් වෙන්න ඕන කියලනම් නෙවෙයි.ඔබ පැහැපත් වුණත්, තළෙළු වුණත්,මඳක් දුඹුරු පැහැ සමක් තිබුණත් සම දීප්තිමත් වීමෙන් ඔබේ පෙනුම ඉස්මතු වීම ගැනයි.

ඉතින් ඔබ උත්සාහ කරන්න ඕනෑ කොහොමහරි සුදු වෙන්න නම් නෙවෙයි. මුහුණේ සම පිරිසුදුව සහ දීප්තිමත් ව පවත්වාගෙන යන්නයි.අපි අද ඔබට කියන්නේ ඒ සඳහා ඔබට උදව් වෙන ස්වභාවික ෆේස් මාස්ක් කිහිපයක් ගෙදරදීම සාදා ගන්නා ආකාරයයි.

අපි ෆේස්මාස්ක් එකක් සමට යෙදිය යුතු හේතු කිහිපයක් තිබෙනවා. සම රිලැක්ස් කිරීම, සමේ ඇති සිදුරු වලට පිළියමක් ලෙස, සමේ දීප්තිමත් බව වැඩි කිරීම,සමට ගැඹුරු පිරිසිදු බවක් ලබා දීම ඒ අතරින් ප්‍රධාන හේතු වෙනවා.

අවශ්‍ය දේවල්

මාස්ක් එක යොදන ආකාරය

අලිගැටපේර වල පවතින විටමින් සහ ප්‍රෝටීන් ඔබේ සම දීප්තිමත් ව බැබළීමට උපකාරී වෙනවා. සතියකට දෙවතාවක් පමණ මෙය යොදන්න.

අවශ්‍ය දේවල්

මාස්ක් එක යොදන ආකාරය

මුහුණේ වළවල් සහ අඳුරු පැල්ලම් අඩු කරමින් මුහුණ පැහැපත් කරන අපූරු මැජික් එකක් ලෙමන් යුෂ සහ මී පැණි වල තිබෙනවා. සතියකට වතාවක් මෙය යොදන්න.කුරුලෑ සහිත සමකටත් මෙය ගැළපෙනවා.

අවශ්‍ය දේවල්

මාස්ක් එක යොදන ආකාරය

කුරුලෑ ලප කැළැල් නිසා දුර්වර්ණ වූ මුහුණකටත් අව්වට පිළිස්සුණු මුහුණකටත් මෙය ඉතා හොඳින් ගැලපෙනවා. දවසක් ඇර දවසක් වුවත් යෙදිය හැකියි.

කෙසෙල් ගෙඩියක්
යෝගට් තේ හැන්දක්
දෙහි යුෂ තේ හැදි බාගයක්

මාස්ක් එක සකසන ආකාරය

කෙසෙල් ගෙඩිය හැන්දකින් පොඩි කර ගන්න
යෝගට් සහ දෙහි යුෂ එකතු කරන්න
මුහුණේ ආලේප කර මිනිත්තු විස්සක් තබන්න
සෝදා හරින්න

සමේ වියළි බව නැති කර මුහුණේ සම දීප්තිමත් ලෙස බබළවන්න මේ ෆේස්මාස්ක් එකට හැකියාව තිබෙනවා. සතියට දෙවතාවක් පමණ යොදන්න.

අවශ්‍ය දේවල්

කෝපි කුඩු තේ හැන්දක්
කහ කුඩු තේ හැන්දක්
යෝගට් තේ හැන්දක්

මාස්ක් එක යොදන ආකාරය.

සියල්ල හොඳින් මිශ්‍ර කරන්න
මුහුණේ ගල්වා විනාඩි විස්සක් තබා සෝදා හරින්න.

ඇස් යට කළු වීම් අඩු කර මුහුණේ කැළැල් පාලනය කරමින් සමට පෝෂණය ලබා දෙන්න මේ සත්කාරයට හැකියාව තිබෙනවා.

ඔබට හොඳින් වැටහිය යුතු එක් දෙයක් තිබෙනවා. සොබා දහමේ රහස් ජීවිතයට සමීප කරගන්නවා නම් ඔබට වඩා සුන්දර රූපයක් ලබා ගැනීම හරිම පහසු දෙයක්.ඉතින් ලස්සනට ඉන්න එක ඒ තරම් අපහසු නෑ නේද?



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here