දිග සරුසාර කොණ්ඩයක් සදහා ඔබේ පනාවෙන් ප්‍රතිකාරයක්

0
5

කාන්තාවන් හැටියට අපිට තිබෙන ලොකුම ගැටලුවක් තමයි කෙස් වැටිය. ඇත්තටම කොණ්ඩේ පරිස්සම් කරන එක, ලස්සනට තියා ගන්න එක හරිම ගැටලුවක්.

කොණ්ඩය පීරන විට කැඩී යාම හැම කාන්තාවක්ම පෙළෙන ගැටලුවක්. ඇත්තටම කොණ්ඩයට දිය හැකි හොඳම සත්කාර වලින් එකක් තමයි තරමක් වෙලා රැගෙන හොඳින් හිස පීරීම.

සාමාන්‍යයෙන් ප්ලාස්ටික් පනාවකින් හිස පීරද්දි ස්ථිති විද්‍යුතය ක්‍රියාත්මක වී කෙස් ගසේ පිට සිවිය විවෘත වෙනවා. අන්න ඒ නිසයි කෙස් වැටිය අවුල් වූ පිම්බී ගිය ස්වභාවයකට හැරෙන්නේ.

ඒ නිසා හිසට උත්තේජනයක් ලබා දී කෙස් වැටිය පීරන්නට අපි භාවිතා කළ යුතු වන්නේ ලී පනාවක්.

මේ පනාවකින් හොඳින් හිස පීරන විට කේෂ මූලය උත්තේජනය වෙලා හිසකෙස් සරුව හොඳින් වැඩෙනවා.

ඉස්සර අත්තම්මලා රෑ නිදා ගන්න කලින් කොණ්ඩේ සිය පාරක් පීරන්න කියපු කතාවේ රහස ඔන්න ඕකයි.

හැබැයි හොඳ ලී පනාවකින්ම මේ සත්කාරය කරන්න මතක තියා ගන්න. සුපිරි වෙළඳ සැලකින් හෝ ඔන්ලයින් සේවාවකින් ඔබට පහසුවෙන් ලී පනාවක් හොයා ගන්නත් පුලුවන් .

-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here