දිගටම පාඩු ලබන බ්‍රවුන්ස් බීච් කොටස් වෙළඳ පොළෙන් ඉවත්වීට යයි

0
9

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගම එම ලැයිස්තුගත වීමෙන් ඉවත්වීමට යෝජනා කර ඇතැයි පවසයි. 

පසුගිය ජනවාරි 19 වැනිදා එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. 

කෙසේ වෙතත් මෙම යෝජිත ඉවත්වීම සම්බන්ධයෙන් එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සමාගම සඳහන් කරයි. 

වර්තමානයේදී සමාගමේ පවතින මූල්‍යමය තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ඉවත්වීමට යෝජනා කරන බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි. 

විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික අර්බුදය සමගින් 2019 සිට සිය ව්‍යාපාරය සැලකිය යුතු කාලයක් පුරා අලාභ හිමි කරගෙන ඇතැයි පවසන සමාගම ආසන්න වසර දෙකේදී හිමි කරගත් ආදායම් එම අලාභ මගහැරවීම සඳහා ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරයි. 

මෙහිදී බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගම එම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේදී කොටස් හිමිකරුවන් සතු එක් කොටසකට රුපියල් 30 බැගින් ගෙවීමටද යෝජනා කර තිබේ.  

බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරුවන් තිදෙනා වන මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමට සියයට 41.88ක්, එයිට්කන් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත සියයට 36.62ක් සහ ස්ටෙසන් එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගම වෙත සියයට 9.82ක් හිමිව තිබේ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here