හලාවත – දැදුරුඔයේ දි නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, විනෝද චාරිකාවක් සඳහා මාතලේ සිට පැමිණි පිරිසක් දැදුරුඔයේ දිය නාමින් සිටියදී අනතුරට ලක් ව ඇති බවයි.
මාතලේ – යටලමත්ත, උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ කළුවා පයින්ඩකාරගේ රවීන්ද්‍ර දිනේෂ් නමැති 27 හැවිරිදි අයෙක් මෙලෙස අතුරුදන් ව තිබෙනවා.
අතුරුදන් ව වූ තරුණයාගේ සිරුර සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Saru FM Media