දැඩි රැකවල් මැද දේශබන්දු තෙන්නකෝන් ව අද හවස 02ට උසාවියට

0
18


අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව අද (03) යළිත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

අද පස්වරු 02ට ඔහු ව අධිකරණයට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින තෙන්නකෝන් මහතා ව මාතර අධිකරණය වෙත රැගෙන යමින් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, විශේෂ ආරක්‍ෂාවක් යටතේයි.

ඔහුගේ ආරක්‍ෂාවට ගිනිඅවි සහිත බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් ද යොදවා තිබෙනවා.

වැඩතහනමට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2023 වසරේ වැලිගම W15 හෝටලය අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් 19 දිනයේ අධිකරණයට භාරවුණේ මෝසමක් ඉදිරිපත් කරමින්.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව ඊයේ (02) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී දැනුම්දුන්නා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here