දහස් ගණන් බැතිමතුන් දැන් සිටම මහනුවරට

0
20


“සිරි දළදා වන්දනාව” සඳහා මේ වන විටත් 6,000කට අධික පිරිසක් මහනුවර නගරයට පැමිණ ඇතැයි මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් පවසනවා. 

උන්වහන්සේ සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් දැන් සිටම ලබා දී ඇති බවයි. 

Neth Sound · RATHANAPALA HIMI 01

මෙලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ලබා දෙන පහසුකම් පිළිබඳ මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

Neth Sound · KANDY INDIKA 01

මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ “සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක වී අයි පී හෝ වී වී අයි පී යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ කිසිදු පෝලිමක් නොමැති බවයි. 

Neth Sound · POLICE SUDATH 07

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ පැමිණෙමින් සිටින බැතිමතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.

Neth Sound · POLICE SUDATH 01

”සිරි දළදා වන්දනාව” සඳහා එක්වන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ දුම්රිය හෙට සිට ධාවනයට එක් කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.

Neth Sound · TRAIN DAMMIKA 01

සිරි දළදා වන්දනාව ආරම්භ වන්නේ හෙට පස්වරු 03යි 30ටයි. 

එදින පස්වරු 05යි 30 දක්වා දළදා වහන්සේ වන්දනා කර ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා. 

ඉන් අනතුරුව අනිද්දා සිට ලබන 27 වනදා දක්වා සෑම දිනකම දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා සිරි දළදා වන්දනාව මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here