දවස් 24කට අත්සන් 20ක් සොයා ගන්න බැරි වෙලා – සජිත්ට මොකද වුණේ? – Saru News | සිංහල

0
10

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පළමු අත්සන තබා දින 24ක් ගෙවී ගොස් තිබේ.

විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීම සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතු අතර, ඉදිරිපත් කරන්නේ යැයි පැවසූ එම විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අත්සන් තබා දින 24ක් ගත වී ඇතත් අවශ්‍ය අවම අත්සන් 20ක් ලබා ගැනීමට තවමත් නොහැකි වී තිබේ. එම විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොතබන බව ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබිණි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 40ක් සිටින අතර ඔවුන් අතරින් අත්සන් 20ක් ලබා ගැනීමට නොහැකිවීම විශේෂත්වයකි. මෙම තත්වය හමුවේ සජිත්ට සමීප දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරුන් යොදවා ගනිමින් TNA මන්ත්‍රීවරු ඇතුළු විශ්වාසභංගයට අත්සන් නොතබන විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරුද්ධව විවිධ අපහාස හා චෝදනා එල්ල කරන තරමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බංකොලොත් වී ඇති බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here