පුරුෂ මූලික සමාජයක් වන අපේ රටේ විවාහක යුවළකට දරුවන් නොමැති වුවහොත් සමාජයෙන් නෑ හිත මිතුරන්ගෙන් එන සියලු චෝදනා එල්ල වන්නේ කාන්තාව දෙසටයි. එය එසේ වුවත් දරු පිළිසිද ගැනීමකට බාධා විය හැකි හේතු කාරණා ඒ කියන්නේ මද සරුභාවයට හේතු ස්ත්‍රී පුරුෂ පාර්ශව දෙකටම පැවති හැකියි. මේ ලිපිය තුළින් සාකච්ඡා කෙරෙන්නේ මද සරුභාවයට හේතු විය හැකි පුරුෂ පාර්ශවයේ ගැටලු පිළිබදවයි.
ශුක‍්‍රාණු නිෂ්පාදනයේ හා ක‍්‍රියාකාරීත්වයේ ගැටලු
මෙහිදී අසාමාන්‍ය ශුකාණු නිෂ්පාදනය වගේම අසාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයත් මද සරුභාවයට හේතු ලෙස දැක් විය හැකියි. මේ සදහා හේතු ලෙස ගොනෝරියාව, ක්ලැමීසියාව, ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තත්ත්ව මෙන්ම දියවැඩියාව, කම්මුල්ගාය, පිළිකා වැනි රෝග තත්ත්වත් පිළිකා තත්ත්වයන්වලදී ලබා දෙන ප‍්‍රතිකාරත් හේතු විය හැකිය.
එසේම දරු පිළිසිඳ ගැනීමක් සිදු වීමට නම් ශුක්‍ර තරලය මිලිලීටරයක් තුළ ශුක්‍රාණු මිලියන 15ක පමණ ප්‍රමාණයක් පැවතිය යුතු අතරම එය ඒසේ නොපැවතීම, ශුක්‍රාණුවේ ව්‍යූහයේ වෙනස්කම් සහ ගමන් කිරීමේදී ඇති දුර්වලතාත් බාධා විය හැකිය. තවත් අයුරකින් ගත් කළ නොදැනුවත්කමද මේ සඳහා හේතු වීමට ඉඩ කඩ පවතී.
ශුක‍්‍රාණු නිෂ්පාදනයේ හා ක‍්‍රියාකාරීත්වයේ ගැටලු ඇති වීමට හේතු විය හැකි කරුණු
පිරිමින්ගේ 47 වන වර්ණ දේහයේ වැඩිපුර X වර්ණ දේහ පැවතීමයි. මෙහි මූලික ලක්‍ෂණය වන්නේ වඳභාවය, වෘෂණ කුඩා හා ක‍්‍රියාකාරීත්වය දුර්වල වීමයි.
ශුකාණු බෙදාහැරීමේ ගැටළු නිසා සංසේචනය අසීරු වේ. මෙයට හේතු ලෙස
පුරුෂ පාර්ශවයේ මදසරුභාවයට හේතු වන අවදානම් සාධක
මදසරුභාවයට හේතු වන අවදානම් සාධක බොහෝමයක් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පොදු වේ.
පුරුෂ පාර්ශවයේ ඇති මදසරුභාවයට හඳුනා ගැනීමට සුදුසුකම්ලත් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් උචිතය. එහිදී පුරුෂයාගේ ලිංගික ඉතිහාසය, ශාරීරික පරීක්‍ෂණ එනම් ලිංගික අවයව පරීක්‍ෂාව සිදු කරනු ලබයි. එසේම, ශුකාණු තරල විශ්ලේෂණය (Semen Analysis), ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම පරීක්‍ෂාව යන පරීක්ෂණ සඳහා ඔවුන් යොමු කෙරේ.
පුරුෂ පාර්ශවයේ ඇති මදසරුභාවයට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වීමේදී තමාගේ සැබෑ තොරතුරු නොසඟවා පැවසීම වැදගත් වන අතරම අධික උෂ්ණත්වයට නිරාවරණය වීම , උෂ්ණත්වය රැදෙන යට ඇඳුම් භාවිතයෙන් වැලකීම ඉතා වැදගත් වන්නේ එවැනි කරුණු ශුකාණු නිෂ්පාදනය හා ශුකාණුවල චලන හැකියාවට බලපෑම් කළ හැකි බැවිනි. එසේම දුම්පානය, විෂ දුම, දූෂිත වාතය මෙන්ම අද වන විට අපට මිලදී ගන්නට සිදු වී ඇති අධික ලෙස රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර ද්‍රව්‍ය හේතුවෙන් ශුක්‍රාණුවල ගුණාත්මක බව අවම විය හැක. මේ සඳහා අවශ්‍ය සියලු උපදෙස් විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමෙන් ලබා ගත හැකි වන අතරම වෛද්‍යවරයාගේ උපදෙස් මත අවශ්‍ය ඖෂධ මෙන්ම ප‍්‍රතිකාර ක්‍රම තීරණය වේ.
මදසරුභාවය සඳහා පුරුෂ පාර්ශවය වෙත ලබාදෙන ප‍්‍රතිකාර ක්‍රම
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග අද වන විට දරුවෙකු පිළිබඳ සිහිනයක් සෑම යුවළකටම හදෙහි රඳවා ගැනීමට ඇති හැකියාව ඉහළ ගොස් ඇති බව කිව යුතුමය. අවශ්‍ය වන්නේ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී ඔබේ තත්ත්වය හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමයි.
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල
Saru FM Media