උපතේ සිට වැඩිහිටි අවධිය දක්වා දරුවෙකු බොහෝ වෙනස්කම්වලට භාජනය වෙනවා. ඔවුන් ශරීර ප‍්‍රමාණයෙන් පමණක් නොව සිතන පතන ආකාරයෙන්ද වෙනස් වේ. විවිධ මට්ටම්වලදී ළමුන් සිතන්නේ, ඉගෙන ගන්නේ හා හැඟීම් ඇති කරගන්නේ වෙනස් අන්දමටය. කෙසේ වෙතත් සමහර කරුණු සෑම වයසකම දරුවන්ට පොදුය.
ප‍්‍රීතිමත් ළමාවිය දරුවන්ට ලබාදීමට නම් ඔවුන්ගේ විවිධ වයස් මට්ටම් වලදී ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක‍්‍රියාකාරකම් මොනවාදැයි වැඩිහිටියන් ලෙස අප දැනගත යුතුය. එවිට ඔවුන් මුහුණපාන ගැටලුවලට උදව් කිරීමට අපට හැකි වේ.
දරුවෙකුගේ මනෝ සමාජීය වර්ධනය සඳහා උපකාරී වන ප‍්‍රධාන අවශ්‍යතා 4 කි.
2. ප‍්‍රතිශක්තීකරණය
3.ජීවිතයේ ලබන විවිධ අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට ඉඩදීම
උද.. ලිවීම, චිත‍්‍ර ඇ`දීම, කථා කිරීම
4. ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා ආත්මාභිමානය ගොඩනඟා ගැනීමට අවස්ථාව ලබාදීම.
ළමයාගේ වර්ධනයට බලපාන ගෙදර දොර අහිතකර තත්ත්ව
2. පිළිවෙළක් නොමැති අපිරිසිදු නිවස
3. දෙමාපියන්ගේ විවාහ ජීවිතයේ බලවත් විෂමතා තිබීම.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.
Saru FM Media