ව්‍යායාම් කිරීම ලොකු කුඩා අපේ කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකරය. දිනපතා ව්‍යායාම් කිරීම සිරුර නිරෝගී වීමට හේතු වනු ලැබේ. බුද්ධි වර්ධනය සහ මොලයේ ක්‍රියාකාරිත්වයට ඒ ආකාරයෙන්ම ව්‍යායාම් වලින් බලපෑම් ඇති කරනු ලබයි. ව්‍යායාම් නිතර සිදු කිරීම මගින් ප්‍රයෝජන රැසක් අත්පත් කර ගත හැකි බව පර්යේෂකයින් පෙන්වා දී ඇත.
අද දරුවන්ට තිබෙන ටියුෂන් පන්ති නිසාම ඔවුන්ට ව්‍යායාම් වල යෙදීමට කාලයක් නැති තරම්. පාසල් වල උදයේ කාලයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කලත් බොහෝ පාසල් වල ව්‍යායාම් වලට තැනක් ලබා දෙන්නේ නැත. කුඩා කාලයේ සිටම දරුවන්ට ව්‍යායාම් වල පවතින වැදගත් බව අවබෝධ කරලිය යුතුය. පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ මතු දැක් වූ ආකාරයට ව්‍යායාම් බුද්ධි වර්ධනයට හේතු වන බවයි. මානසිකව සහ ශාරීරිකව ව්‍යායාම් මගින් වැසි රැසක් අත්පත් වේ.
මොලයේ ක්‍රියාකාරිත්වය පිලිබදව කරන ලද පරීක්ෂණ අනුව මිනිස් සිරුරේ සාමාන්‍ය හෝමෝන ක්‍රියාවලිය සෑම මිනිත්තු 90කට වරක් ඉහල නගී. මෙසේ ඉහල නගින සෑම අවස්තාවකදීම මොලයේ හෝමෝන් ශ්‍රාවයන් දකුණු සහ වම් මස්තිෂ්ක අර්ධ ගෝල වල අඩපණ වීමකින් තොරව ක්‍රියාත්මක වේ. මොලයේ වම් කොටසින් ශරීරයේ දකුණත් මොලයේ දකුණු කොටසින් ශරීරයේ වම් කොටසත් පාලනය වේ. එක් අතක් පමණක් ක්‍රියා කලොත් එක් අංගයක් පමණක් ක්‍රියාකාරී වේ. ඒ නිසා ප්‍රති විරුද්ධ ක්‍රියාවන් සිදු කිරීම ඉතාමත් වැදගත් වේ. මේ නිසා ව්‍යායාම් කිරීම ළමුන්ට ඉතාමත් වැදගත් වේ.
Saru FM Media