දරා ගන්න බැරි ඔලුවේ කැක්කුමට සරල ප්‍රතිකාර..

0
6

දරා ගන්න බැරි ඔලුවේ කැක්කුමක් ආවම ඔක්කොම වැඩ අවුල් වෙනවා නේද? අන්න ඒ වෙලාවට මේ සරල ප්‍රතිකාර ඔබට සහනයක් ගෙන ඒවි.

1.බෙල්ල පිටිපස්ස දබර ඇඟිලි දෙකෙන් දෙපැත්තට කරකැවෙන විදියට මසාජ් කරන්න

2.නළල දෙපස ඇඟිලි දෙකකින් දෙපැත්තම මසාජ් කරන්න

3. පුංචි මින්ට් ටොෆියක් එක්ක වතුර ටික ටික බොන්න. පෙපර්මින්ට් තෙල් ටිකක් නළලෙයි, හකු පිටුපසයි කම්මුල් වලයි ආලේප කරගන්න. ඊට පස්සෙ රිලැක්ස් වෙලා ඇස් පියාගෙන ගැඹුරින් හුස්ම ගැනීමක යෙදෙන්න

4. මිරිස්වල තියෙන කැප්සයිසින් නිසා වේදනාව දුරුවෙනවා. මිරිස් කුඩු තේහැඳි කාලක් උණුවතුරෙ දිය කරන්න. ඒකෙ කපු පුළුන් ටිකක් පෙඟෙන්න හරින්න. දැවිල්ල දැනෙන්න පුළුන් කෑල්ල නහයෙන් තියන්න.

5. ඔලුව කැක්කුමක් හැදීගෙන එද්දි ආමන්ඩ් අහුරක් හපන්න.

6. ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප කාලක්, උණුවතුර කෝප්ප තුනකට දාලා ස්ටීම් කරන්න. ඊටපස්සෙ සීතල වතුර වීදුරුවක් පානය කරන්න.

7. එළිමහනේ මඳක් ඇවිදින්න.

8. අයිස් කැටයක් දෙකක් බෙල්ල පිටිපස්සට තියාගන්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here