Sunday, May 25, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් දයාසිරිගේ පාර්ලිමේන්තු හැසිරීම සොයන්න කමිටුවක් – බිමල් ගැනත් හොයන්නලු

දයාසිරිගේ පාර්ලිමේන්තු හැසිරීම සොයන්න කමිටුවක් – බිමල් ගැනත් හොයන්නලු

0
6


a-committee-has-been-formed-to-investigate-dayasiris-parliamentary-conduct-bimal-is-also-being-investigated

 සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරු කටයුතු කරති.
මේ සඳහා කමිටුව පත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට ද ඊයේ (23) දැනුම් දුන්නේය.


දයාසිරි ජයසේකර මහතා පසුගිය 20 වැනිදා සභාගර්භයේ දී මුලසුනේ අණ නොතකා රීති ප්‍රශ්න දිගින් දිගටම මතු කරමින් අදහස් දැක්වීම සහ ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මහත්මිය සම්බන්ධයෙන් විවිධ කරුණු පළ කිරීම පිළිබඳ විමර්ශනය කිරීමට මෙම කමිටුව පත්කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම සිද්ධිය වූ අවස්ථාවේ දී සහානායක බිමල් රත්නායක මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් දයාසිරි ජයසේකර මහතාට දෝෂාරෝපණය කළහ.
“අලුත් මන්ත්‍රීවරියන් හෑල්ලුවට ලක් කරන්න එපා යැයි බිමල් රන්නායක මහතා ප්‍රකාශ කළේය.
මේ අතර සභා නායක බිමල් රත්නායක මහතා ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේ හැසුරුණු ආකාරය ගැන විමර්ශනයක් කරන්නැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද කතානායකවරයාගෙන් ඊයේ (25) ලිඛිත ඉල්ලීමක් කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණී විජේරත්න, නලින් බණ්ඩාර, චිත්‍රල් ප්‍රනාන්දු, හෙක්ටර් අප්පුහාමි, කවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ අත්සනින් යුතුව එම ඉල්ලීම කර ඇත.


දහවැනි පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම වත්මන් සභානායකවරයාගේ ක්‍රියා පිළිවෙත
හා හැසිරීම පුරෝගාමී සහානායකවරුන්ගේ ආදර්ශ හා ක්‍රියාකාරකම්වලට සම්පූර්ණයෙන් පටහැනි තත්වයක පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මතුවී ඇති තත්වය පිළිබඳ ස්ථාවර නියෝග යටතේ ඉකුත් විසි වැනිදා දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අවස්ථාවේදී සභානායක බිමල් රත්නායක මහතා දයාසිරි ජයසේකර මහතාට චෝදනා රැසක් එල්ල කරමින් ප්‍රකාශයක් කළ බවත් එමගින් ස්ථාවර නියෝග 91 (ඌ) වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here