දණිස් වේදනාවට නිවසේදී ම කළ හැකි නොවරදින පිළියම්

0
12


දණහිස් වේදනාවට හේතු එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන්නට පුළුවන්. බොහෝ කෙටිකාලීන දණහිසේ වේදනාවන් වලට නිවසේදීම කළ හැකි පිළියම් තිබෙන අතර දිගුකාලීන දණහිසේ වේදනාවන් වලට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. කෙසේ වෙතත් වයස ඉක්මවා යන විට අපගේ දණහිස් වල ඇති කාටිලේජ ක්ෂය වන අතර ඒ නිසා දණහිස් වේදනාව ඇති වන්නට පුළුවන්. මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ දණහිස් වේදනාවන් වලට නිවෙසේදීම කළ හැකි පිළියම් ගැනයි 

ව්‍යායාම කිරීම හෝ විවිධ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම මගින් දණහිසේ වේදනාව ට වඩාත් පොදු හේතුවක් වන ඔස්ටියෝ ආතරයිටිස් වර්දනය ප්‍රමාද කළ හැකි වෙනවා. ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම සහ යෝගා අභ්‍යාසවල නිරතවීම මගින් දණහිස් වේදනාව ඇතිවීම පාලනය කර ගන්නට පුළුවන් .ශාරීරිකව ක්‍රියාශීලි වීම ඔස්ටියෝ ආතරයිටීස් නොතිබෙන අයගේ පවා කාටිලේජ පටකවල සෞඛ්‍ය ඉහළ නංවනවා. 

අධික බර හෝ තරබාරු කම ඇති පුද්ගලයන්ට දණහිසේ වේදනාව ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා.ශරීරයේ අමතර බරක් දරාගෙන යාමට සන්ධි වලට අමතර ශක්තියක් අවශ්‍ය වෙනවා. එය නැතිවීම නිසා ආතරයිටීස් නිසා ඇතිවන වේදනාව ඇතුළුව දිගු කාලීන දණහිස් වේදනාව අඩු කර ගැනීමට උපකාරි වෙනවා. ඔබේ ශරීරයේ බර කොපමණ අඩු කර ගත යුතුද යන්න වෛද්‍යවරයෙකු හා සාකච්ඡා කර දැනගත හැකියි.

ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා සමබල ආහාර වේලක් ගැනීමත් අතිශය වැදගත් වනවා.ඔබ ගන්නා සමබල ආහාර වේල එළවළු , පලතුරු හා තන්තු වලින් පොහොසත් විය යුතු අතර ප්‍රෝටීන් වලින්ද ඉහල විය යුතුයි. 

තාපය මාංශ පේශීන් ලිහිල් කරන අතර තද ගතිය ද අඩු කරනවා. උණු වතුර සහිත බෝතලයක් හෝ උණුසුම් පෑඩ් ඔබේ දණිස් මත තබා දණහිස් වේදනාවට ප්‍රතිකාර කළ හැකියි. ඊට අමතරව අයිස් බෑග් එකක් හෝ අයිස් වතුරෙන් පෙඟවූ රෙදි කඩකින්  දණිස් තැවීම මගින් දණහිස් වල වේදනාව සහ දැවිල්ල අඩු කරගත හැකියි

දණහිස් වේදනාව ඇතුළු ඔබේ ශරීරයේ ඇති රෝග ගණනාවක් සුව කිරීමේ බලය අබ තෙල් වලට තිබෙනවා. එය දණහිස් වටා ඇති ශිරා තුළ රුධිර ප්‍රවාහය උත්තේජනය කිරීමට සහ මාංශ පේශීන් වල සහ සන්ධි වල වේදනාව අඩු කිරීමට උපකාරී වනවා.දිනපතා අබ තෙල් යොදාගෙන ඔබේ දණහිස් හොඳින් සම්බාහනය කිරීම මගින් දණහිස් වේදනාව සමනය කරගැනීමට සහ වේදනාව ඇතිවීම පාලනය කර ගැනීමට හැකියාව තියෙනවා .

මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වයේ ගැටලු සහ ආතරයිටීස් වැනි තත්ත්වයන් නිසා ඇතිවන දණහිස් වේදනාවට ඉඟුරු යනු ඉතා හොඳ ඖෂධයකි.එහි අඩංගු වන ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා පොදුවේ ගත් කල ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීමටත් ඉඟුරු උපකාරී වනවා. ඔබේ දෛනික ආහාර වේල සමඟ ඉඟුරු පරිභෝජනය කිරීම , ඉඟුරු තේ පානය කිරීම හෝ කිරි සමඟ ඉඟුරු පානය කිරීම වැනි ක්‍රම ගණනාවක් ඔස්සේ ඉඟුරු සමඟ ඔබේ දණහිස් වේදනාවට ප්‍රතිකාර කළ හැකියි. ඊට අමතරව ඉඟුරු ජලය සමඟ මිශ්‍රකර දණහිස් ප්‍රදේශවල ආලේප කිරීම ද ඔබට කළ හැකියි.

ඔබේ ශරීරයේ ආතරයිටිස් තත්ත්වයන් ඇතිවීමට හේතුවන යූරික් අම්ලය අඩු කිරීම සඳහා ලෙමන් වල අඩංගු සිට්‍රික් අම්ලය උපකාරී වනවා. ඊට අමතරව දණහිස් වේදනාව දක්වා වර්ධනය වන දැවිල්ල , වේදනාව සහ ඉදිමීම අඩු කිරීමට උපකාරී වන ගුණාංගද ලෙමන් සතු වනවා. දණහිසේ වේදනාව සමනය කිරීමට ලෙමන් භාවිතා කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. ලෙමන් ලෙලි කපු රෙද්දකින් ඔතා උණුසුම් කළ තෙල්වල ගිල්වා දණහිසේ වේදනාව ඇති තැන් වේදනාව පහව යන තෙක් දිනපතා තවන්න.

මේ පියවරයන් අනුගමනය කිරීම මගින් ඔබට ඇති දණහිස් වේදනාවන් මඟහරවා ගන්න පුළුවන්. නමුත් දිගුකාලීනව පවතින වේදනාවක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here