දකුණු මුහුදේ විශේෂ නාවික මෙහෙයුමකින්  බහුදින යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් 11ක් නාවික හමුදා භාරයට ගනී

0
9

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිසියෙන් ලද තොරතුරකට අනුව, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ මෙම මෙහෙයුමේදී පළමුව මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකරන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ තවත් මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ බවට සැකකෙරෙන වෙනත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු සහ සන්නිවේදන උපකරණද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද නාවික හමුදාව සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here