දකුණු මුහුදේදී ඇල්ලූ යාත්‍රා වලින් මිලියන 4,500කට වැඩි මත්ද්‍රව්‍ය

0
12

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද සඳහන් වේ.

පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ‍ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here