දකුණු පළාතෙන් මතුවූ කෝටි 50කට අධික මත් කුඩු සමඟ හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුත් කොටු වෙයි!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ LNW :

දකුණු පළාතේ බලපිටිය සහ අම්බලන්ගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී ජීව උණ්ඩ තොගයක් ද සොයාගෙන තිබේ.

විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මෙම මුළු ජාවාරම විදේශගතව සිටින ප්‍රධාන ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන බවයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ මුහුදු මාර්ගයෙන් සිදුවන මෙම ජාවාරම් මැඩපැවැත්වීමට පොලිස් මෙහෙයුම් තවදුරටත් දැඩි කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා මහජන සහයෝගය සහ තොරතුරු ලබාදීම අතිශය වැදගත් බවද බලධාරීන් මෙහිදී අවධාරණය කර සිටියි. මෙම වැටලීම වසරේ මේ දක්වා දකුණු පළාත තුළ සිදු කළ සාර්ථකම මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වලින් එකක් ලෙස සැලකේ.

The post දකුණු පළාතෙන් මතුවූ කෝටි 50කට අධික මත් කුඩු සමඟ හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුත් කොටු වෙයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here