දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය ඒකමතිකව සම්මතයි

0
17


ඒකාධිපති පාලන ලක්ෂණ පෙන්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් -සුක් යෝල් ට එරෙහිව එරට පාර්ලිමේන්තුවේ දී ගෙන ආ දෝෂාභියෝගය ඒකමතික ව සම්මත වී තිබෙනවා.

CNN පුවත් සේවය වාර්තා කළේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවේ ඒකමතිකව මන්ත්‍රීවරුන් යුන්ට එරෙහිව ඡන්දය භාවිත කර ඇති බවයි.

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ට ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට සිදු වනවා.

එමෙන්ම මෙම තීන්දුව අනුව දින 60ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ ‍යුතු බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

එතෙක් එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

2017 වසරේ දී ද දකුණු කොරියාවේ මෙලෙසින්ම ජනාධිපතිවරයෙකු ඉවත් කර තිබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කර මාස හතරකට පසු මෙලෙස ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි යුන් ඔහුට ලබා දී ඇති ජනාධිපති නිල නිවසින් ද ඉවත් ව යා යුතු වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here