දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ අද (18) පස්වරුවේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේ දී අනතුරට ලක්වීම හේතුවෙන්.
ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදු ව ඇති අතර පසුව ලොරිය පෙරළී ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වූ බවයි වාර්තා වන්නේ.
අධිවේගී පොලීසිය පැමිණ මේ වනවිට රථවාහන තදබදය අවම කිරීමට කටයුතු සිදු කරමින් සිටිනවා.
Saru FM Media