දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ දී අද (01) අලුයම් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.
එම මාර්ගයේ කොළඹ දෙසට ගමන් කළ වාහන හතරක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
වෑන් රථයක්, මෝටර් රථයක් සහ ලොරි රථ දෙකක් මෙලෙස එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් විදේශිකයින් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම කොටසේ කොළඹ දෙසට රථවාහන තදබදයක් ද පැවති බවයි වාර්තා වුණේ.
Saru FM Media